දැනට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සොයුරු හිරු නාලිකාවේ ප‍්‍රධානී රේනර් සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාට


පළාත් සභා මැතිවරණ කිහිපයක් මෙම වසරේදී පවත්වා, ලබන වසර (2013) මැදදී හදිසි මහ මැතිවරණයක් පැවැත් වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.
ජන සංගණනය අදාළ මූලික කටයුතු පසුගිය මාර්තු 27වනදා අවසන් වුවහොත් එම සංඛ්‍යාලේඛන එකින් එක විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව සැකසීමේ කටයුතු අතරමඟ ඇණහිට තිබේ.

Gota's War ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේදී විශේෂ දේශනයක් කරන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඉන්දියාවේ ක්‍රියාකලාපයන් දැඩිව විවේචනය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.

ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩුවට අදාළව මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අහෝසි කොට, ඔහුව එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට,

ඇමරිකාවේ FBI ආරක්ෂක නිලධාරීන් පිරිසක් පසුගියදා එරටට ගිය ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හා ඔහු සමඟ ගොස් සිටි ජාවාරම්කරුවෙකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ.

පසුගිය 14වනදා බත්තරමුල්ල වෝටස්එජ් හි පැවති Gota's War ග්‍රන්ථය එළිදැක්වීමේ දේශපාලන මෙහෙයුමේදී, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් කොන්කිරීමට ලක්වී තිබේ.
අධිකරණය යළි ස්වාධීන කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ගෙන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එල්ලවී ඇති බලපෑම් හමුවේ, ඇය තම දේශපාලන නියෝග ඉටුකිරීම පැහැර හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා දැඩි ලෙස බියට පත්ව සිටින බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග වාර්තා වේ.

තමා කිසිදු වරදක් නොකර නොමැති හෙයින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අවධාරණය කර සිටී. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් වැඩිකරන ලද අධික මිලගණන් යටතේ මිල දී ගැනීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හමුවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පැතිරයන රාවය පිළිබඳව මාධ්‍යවේදීන් කිහිපදෙනකු කළ විමසීමේදී ඔහු ඒ බව සඳහන් කර තිබේ.
පසුගිය 05 වන දින හදිසියේ මිය ගිය දකුණු අපි‍්‍රකාවේ මහජන සේවා සහ පරිපාලන අමාත්‍ය රාධකි‍්‍රෂ්ණා ලූච්මාන පදයාච්චිගේ අවමඟුල් උළෙලට සහභාගි වූ ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රකාශක සුරේන් සුරේන්දිරන්ට රාජ්‍ය මට්ටමේ පිළිගැනීමක් ලැබීම ශී‍්‍ර ලාංකික දෙමළ ඩයස්පෝරාව ලද මහත් ජයක් බව දේශපාලන අංශ පෙන්වා දෙති. සුරේන් සුරේන්දිරන් බලවත් බි‍්‍රතාන්‍ය දෙමළ සංසදයේ ප‍්‍රධානියා ද වෙයි.

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉවත් කොට උතුරේ දෙමළ තරුණයින් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට අවස්ථාව දෙන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තම තමන්ගේ ෙකෂ්ත්‍රයන්හි සිදුවන නොවැලැක්විය හැකි අකටයුතුකම් තවදුරටත් දරාගත නොහැකිව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා බලවත් සේ කලකිරීමට පත්ව සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තාවේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ පහළොස් දෙනකුට අයත් කොටස් මිලියන 7986ක ප්‍රමාණයක් කෘතිම ලෙස ඉහළ නන්වනලද අධිමිලක් ගෙවා මිල දී ගැනීමේ පිටුපස සිටින මහ මොළකාරයා මහ බැංකුව අධිපති,

ඊයේ (12)වනදා පෙරවරු 10.20ට නුගේගොඩ මිරිහානේ පිහිටි කොළඹ දිසාව, බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා හමුවීමට පැමිණ ඇති දැනට විවෘත වරෙන්තු යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ සහ තවත් පුද්ගලයකු දීර්ඝ වේලාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිට ඇත.

අමාත්‍ය මර්වින් සිල්වා විසින් කළ දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් මේවන විට හෙළිවී තිබේ.















