Lanka News Web

දුෂණ

මාතලේ සමූහ මිනීවළේ අස්ථි පරීක්ෂණ කළ වෛද්‍ය විශේෂඥයාටත් මාරුවක්

මාතලේ සමූහ මිනී වළෙන් හමුවූ මිනිස් අස්ථි පිළිබදව භාරව සිටින සහ මූලික වෛද්‍ය පරීක්ෂණ කළ මාතලේ දිසා මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස වහාම මාරුකර යවා ඇත.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 20 වෙනි සදුදා, 11:29

මාතලේ නඩුව විභාග කරන විනිසුරුට මාරුවක්!

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් වන නඩුව විභාග කරමින් සිටින, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මියට ස්ථානමාරුවක් ලබාදීමට යන බව වාර්තා වේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 06:34

මාතලේ ඇටකටු ගැන සාක්‍ෂි ලබා ගැනේ

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහල් භූමියේ සමූහ මිනීවළේ කැණීම්වලදී ගොඩගත් ඇටකටු අතර තම ඥාතීන්ගේ අස්‌ථි කොටස්‌ ඇතැයි සැක කරමින් ඥාතීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ පිළිබඳ සාක්‍ෂි ලබා ගැනීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේදී සිදු කරන ලදී.

AddThis Social Bookmark Button

සමූහ මිනීවලේ පරීක්ෂණ බලය මාතලේ පොලිසියට

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකරනු ලබන සියලුම පරීක්ෂණ මාතලේ පොලිස් ස්ථානය මූලික කරගනිමින් සිදුකරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකාද සිල්වා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළාය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 10 වෙනි සිකුරාදා, 10:59

මාතලේ සමූහ ඝාතන නඩුවට අදාලව පෙත්සම්කරුවන් දහතුන් දෙනෙක් දිවුරුම් පෙත්සම් බාරදෙයි.

මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (08) විභාග වූ නඩුවට පෙත්සම් කරුවන් 13 න් දෙනෙක් විසින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළහ. 88-89 සමයේ අතුරුදහන් වූ තම ඥාතීන්ගේ අස්ථි මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක සහිත බැවින් ඒවා පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස දිවුරුම් පෙත්සම් මගින් ඉල්ලා සිටියහ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 08 වෙනි බදාදා, 11:34

මාතලේ සමූහ මිණීවල ගැන සත්‍ය කතාවක්

අප පල කරන ලද මාතලේ සමූහ මිණීවල ගැන වාර්තාවන් කියවූ අපගේ පාඨකයෙක් මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස අප වෙත ඊ -මේල් පණිවිඩයක් මගින් ලියා එවා ඇත. පාඨක ඔබගේ දැන ගැනීම පිණිස එම ලිපිය පහත පල කරන්නෙමු.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 08:37

මාතලේ සමූහ මිණීවලේ සිටියේ කවුරුන්ද - AHRC පෙන්වා දෙයි

මාතලේ සමූහ මිණිවලෙන් පුද්ගලයන් 154 දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර ඒවා පරීක්ෂාවට ලක්කි රීමේ දී 1986-1991 අයත් බව අනාවරණය විය. එම සිරුරු කොටස් වල ඇති තුවාල වලින් පෙනී යනුයේ මේ සියළුම පුද්ගලයන් ඝාතනය කර ඇති බවයි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:18

මාතලේ ඒ සමූහ මිනීවළ හැර තවත් සමූහ මිනී වළවල් තිබේ...

මිහිකත අවසානයේ තමන් දරා සිටි බරින් නිදහස්‌ වූයේ අනපේක්‍ෂිත අන්දමටය. මාතලේ රෝහල් භූමියේ ජීවවායු ඒකකයක්‌ ඉදිකිරීමට පොළව කැණිමේදී ලංකා ඉතිහාසයේ දැවැන්තම සමූහ මිනීවළ මිහිකත මෙලෙස ලෝකයට විවර කළාය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 09:04

මාතලේ සමූහ මිනීවළ: අවශ්‍ය කරන්නේ මැර- රාජ්‍යය ආම්බාන් කර ගැනීමයි

මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද භාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි දා ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී,කරුණු දෙකක් ප‍්‍රකාශයට පත්විය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:18

හමුදා ඇඳුම් ඇඳගත් පිරිසක් රාත්‍රියේ මාතලේ සමූහ මිණීවල වල අසල ගැවසේ - ජවිපෙන් පොලිස්පතිට ලිපියක්

මාතලේ සමූහ මිනීවළට අදාළව 2013 අප්‍රේල් මස 10 වෙනි දින මාතලේ රෝහල් භූමිය තුල හමුදා ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් ගැවසීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සඳහා යවන ලද ලිපිය පහත දැක්වේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:16

මාතලේ සමූහ ඝාතනය කාලයේ වැලිතලාවෙන් වහන්න දෙන්නේ නැහැ - තොරතුරු සෙවීමට ජවිපෙන් විශේෂ කමිටුවක්...

විශේෂ ජනමාධ්‍ය හමුව - ජනතා විමුක්ති පෙරමුණ 2013.04.10 බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් විය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:20

එදා ගෝඨාභය තමයි මාතලේ හිටියේ - නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර

මාතලේ සමුහ මිනීවල අයත් බවට හදුනාගෙන ඇති 1986-1991 වකවානුව තුල මධ්‍යම පළාත භාර ව නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහතා සහ මාතලේ භාර හමුදා නිලධාරියකු ලෙස එවකට කර්නල් ,ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ,එම වකවානුව තුල පැවති ජ.විපෙ භිෂණය හමුවේ රාජ්‍ය ත්‍රස්තවාදය ද දැඩි වූ බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතා කොළඹදී අද (9) පැවසිය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:17

සමුහ මිනීවල ගැන මාතලේ මවකගෙන් හෙළිදරව්වක්

1989 දෙසැම්බර් 13වැනි දින හමුදාව විසින් පැහැ‍රගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි 'රෙස්ට් හවුස්' කඳවුරේ රඳවා තිබූ බවත් දින 03කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:20

මාතලේදී හමුවූයේ විශාලතම සමූහ මිනීවලයි. විශේෂ අධිකරණ කි‍්‍රයාදාමයක් ඕනෑ... - ජවිපෙ

විශේෂ ජනමාධ්‍ය හමුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් (01 )බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන ර්යාලයේදී පැවැත්වීය. ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අදහස් දක්වමින්...

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:21

මාතලේ සමූහ මිණීවලේ ඇටකටු 86 -90 කාලයේ බවට අධිකරණ තීන්දුවක්!

ඊයේ(27) මාතලේ දිසා විනිසුරු මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය මාතලේ දිස්ත්‍රික් රෝහලේ තිබී හමුවූ සමූහ මිණීවලේ ඇටකටු 86 – 90 කාල වකවානුවට මිනිස් ඇටකටු බව තීන්දු කරමින් මෙතෙක් එම ස්ථානයට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරන ලෙස නියෝගයක් දී ඇති බව වාර්තා වේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:22

මාතලේ සමුහ මිනීවළෙන් හමු වූ මළ සිරුරු 200කට ආසන්න සංඛ්‍යාවක කොටස් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි - AHRC

ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය විසින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රකාශනය

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 06:22