රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ අගමැති රුද්‍රකුමාරන් විශ්වනාතන් ‘දෙමළ වර්ග සංහාරය සහ ජාතික විමුක්ති අරගලය’ සම්බන්ධව සිංහල මාධ්‍ය වෙබ් අඩවියක් [Vanni Post ] සමග ප්‍රථම වරට පැවැත්වූ කෙටි සංවාදය
විශේෂාංග
වෙනම රාජ්‍යයට සහය දෙන සිංහල ප්‍රගතිශීලී කොටස් සමග කටයුතු කීරීමට සුදානම් – වි. රුද්‍රකුමාරන්
- 2013 අප්‍රේල් 11 වෙනි බ්‍රහස්පතින්දා, 13:11
- විශේෂාංග
අවුල මචංගෙද? නැත ! - නිලන්ත ඉලංගමුව
- 2013 අප්‍රේල් 11 වෙනි බ්‍රහස්පතින්දා, 10:59
- විශේෂාංග
වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය.අභිවෘද්ධිය ආචාධාර්මීය. - රසල් - අන්පොපියුලර් එසේස්
බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන බික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම බුදදහමට නිගාදෙන බික්ෂුවක් වන අතර තවකෙකුට මචං කෙනෙකි.
කෙනෙකුගේ ජීවිතය ගැන ප්‍රශ්න කිරීම හෝ හෙතමගේ පෞද්ගලික ජීවිතයේ ඇති කුණු ප්‍රසිද්ධ වේදිකාවලට ගෙන ඒම 70 දශකයේ අගභාගයේ සිට ඉදිරියට ආ කදිම දේශපාලන මෙන්ම වෙළඳ භාන්ඩයක් විය. මෙය වඩාත් මැනවින් අලෙවි කිරීමට ෆේස් බුක් වැනි සමාජ ජාලයන් පසුව මනාව සමත් විය. එහි කුඩා හෝ මහා පරිමාන ගොදුරුබවට දැනුවත්ව හෝ නොදැනුවත්ව සියල්ලෝම පත් වී සිටිති. ලංකාවේ පවතින වියරුකාරී ස්වරූපය අරම්භයා එහි අනුගමිකයෙකුට හෝ ඊට එරෙහිව කටයුතු කරන්නෙකුට බුද්ධිගෝචරව පිළිතුරු ලබාදීමට හැකියාවක් පවතින බවක් පෙනෙන තෙක් මානයකවත් නැත. බැලු බැල්මට සමස්ථ රටම රෝගාතුර වී ඇති බව පෙනී යන්නේ 2012 දී පමණක් සිදු වූ ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 3850 ඉක්මවා ගොස් තිබීමෙනි. එය වාර්තා වූ සංඛ්‍යාව පමණි. වාර්තා නොවූ දෑ ඉතා විශාල විය හැකිය. බොදු බල සේනාවේ මෙන්ම අන්තවාදී සංවිධාන වල නැගීම මෙම සමාජ විෂමතාව හමුවේ තේරුම් ගත යුත්තේ කෙසේද?
ආගම මත පදනම් කරගත් අන්තවාදය ලෝකයට මෙන්ම ලංකාවට අලුත් දෙයක් නොවේ. එය පිළිකාවක් මෙන් අභ්‍යන්තරයෙන් වර්ධනය වෙමින් පැවති සමාජ විෂමතාවක් ලෙස ස්පුඨ වූයේ හන්දියක් හන්දියක් ගානේ එක එක ආගම් වලට අයත් පිළිම නිර්මාණය කිරීමට පටන් ගැනීමත් සමඟය. එය මඟින් එකිනෙකා අතර තිබු භිය ප්‍රකාශ වූ අතර පෘතුල වශයෙන් පැවති සමගියද හැකිලීමට පත් විය. එය අන්තවාදය තුළ අන්තවාදය දක්වා වර්ධනය වූ අතර එම සමීකරණයේ වර්තාමානයේ ඉහලින්ම සිටින්නා අදාළ බොදුබල සේනාව විය හැකිය. නමුත් එය නිශ්චිත නොවන්නා සේම සමාජ සිද්ධි අනුව ඊට හිමි තැන පැවතීමේ හෝ නැතිවීමේ තත්වයට මුහුණ දීමට සිදු වේ. මේ ආකාරයෙන් රට තුළ මෝදු වූ අන්තවාදය විසින් දායාද කරනු ලැබූ තවත් බිහිසුණු මනෝභාවයක් විය. එනම් අභ්‍යන්තරයෙන් විකුර්ති වූ රෝගීභාවය මතුපිටට පෙන්වීම සඟවා තබා ගැනීමට දැරූ අරගලයයි. ඊට වැඩිදුර යාමට නොහැකි වූවා පමණක් නොව අභන්තර රෝගීභාවය පුපුරා සමාජ ව්‍යුහය කුණු වීමට පටන් ගත්තේය. මේ තුළ වගකීමට වඩා අයිතිය, රැකගැනීමට වඩා පැහැර ගැනීමය, ආදරයට වඩා වෛරය, විස්වාශයට වඩා වංචාව, මතුපිටට ගෙන ඒමත් එම වැරදි භාවිතයන් බාසාවේ සුමට සහ ගැඹුරු වචන වලින් වසා දමනු ලැබීමත් දක්නට ලැබුණු ප්‍රමුඛ කාරණය විය. එබැවින් වෛරය ආදරය ලෙසත්, වංචාව විස්වාශය ලෙසත්, ප්‍රතික්ෂේපය පිළිගැනීම ලෙසත්, අයිතිය දේශප්‍රේමය ලෙසත් හැඩගන්වා භාෂාවේ අර්ථරූපයට ඇති හරය විනාශ කොට මව්බස ඛේදජනක විහිළුවක් බවට පත් කරනු ලැබීය. එය සමාජ ව්‍යකූලත්වයේ මූලික හැරවුම් ලක්ෂයක් බවට පත් විය.
බොදුබල සේනාව වූ කලී මෙකි ප්‍රවණතාවයේ පරිධියේ එකතරා අවකාශයක් තුළ නාඩගම් නටන කල්ලියකි . ඉහත සඳහන් කළ ආකාරයේ විකුර්තිභාවයන් හටගත් සමාජ සංස්ථාවක බොදුබල සංවිධානය වැනි කල්ලි බිහිවීම ලංකාවේ දේශපාලනය තුළ මහින්ද රාජපක්ෂගේ නැගීම හා සමරූපීවේ. මහින්ද රාජපක්ෂ වූ කලී රටේ අහඹුවක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ දිරාගිය විනාශ කරනු ලැබූ මහත්මා දේශපාලනයේ අස්වැන්න ලෙස ලැබූ දායාදයකි. සැබවින්ම එය තවදුරටත් දෙමළ ජනතාවගේ දේශපාලන විමුක්තිය වෙනුවෙන් බිහි වූ සංවිධාන වල අවසාන බලාත්මක නිෂ්පන්නය වූ කොටි සංවිධානය සමඟද ගැලපීමේ වරදක් නැත. එබැවින් මෙවැනි දෑ පුදුම විය යුතු නැතිවාසේම, තේරුම් ගත යුත්තේ බොදුබල සේනාව නැති වූ පමණින් එවැනි සංවිධාන හටගැනීම සඳහා ඇති පරිසරය නැති වී නැති බවයි. එබැවින් බොදුබල සංවිධානය වූ කලී රෝග ලක්ෂණය මිස රටේ පැලපදියම් වී ඇති රෝගය නොවේ. එහි සිටින බික්ෂුන් විවේචනය කොට ඔවුන්ගේ ජීවිතවල කුණු වලින් මාධ්‍ය පිරවීම වූ කලී අසුචි යැයි දැන දැන එය අනුභව කොට ඒ අසුචියයි ස්ථීර කරගැනීමක් හා සමානය.
රටක් හෝ සමාජයක් රෝගීන් කිරීමේ උපායන් තේරුම් ගැනීම අපහසු නැත. ඇමරිකානුවන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන විට ගැහැණුන්ගේ යටඇඳුම් සහ නොයෙක් මාදිලියේ ලිංගික දර්ශන ඇතුලත් ප්‍රකාශන තෝරාගනු ලැබුවේ ආයුධවලින් කිරීමට නොහැකි දෑ ඒවා මඟින් කළ හැකි නිසාය. එසේම සී.අයි. ඒ. සංවිධානය විසින් අත්අඩංගුවට ගත් ඇතැම් අල් කයිඩා සැකකරුවන්ට ශුද්ධ වූ කුරානය මතට මුත්‍රා කිරීමට යැයි අණ කරනු ලැබුවේ ඔවුන් තුළ පැවති මුලික විස්වාශයන් කඩා බිඳ හෙලීමට මිස ත්‍රස්තවාදය තුරන් කිරීමට නොවේ. මන්ද ත්‍රස්තවාදය වූ කලී රෝගය නොව රෝග ලක්ෂණය බව බොහෝ දෙනෙක් දන්නා සරල සතයක් වනහෙයින් සේම සතුරෙකු සම්පූරණයෙන් විනාශ කිරීම අවාසිසහගත වන නිසාය. මෙවැනි ආකාරයෙන් රටක් වෙනත් රටක දේශපාලන අවශ්‍යතාවයන් සඳහා එම රටේ වෙසෙන ජනතාව රෝගීන් කිරීම දේශපාලන සහ යුධමය ක්‍රමෝපායක් ලෙස භාවිතා කරනු ලැබූ ආකාරය ඉතිහාසයේ නොයෙක් ආකාරයෙන් ලියවී ඇත. අරමුණ එක වුවද භාවිතා කළ ක්‍රමෝපායන් විවිධාකාරය.
මේ ආකාරයෙන් රාජ්‍යන් තුළද එවැනිම ආකාරයේ දෑ සිදු වී තිබේ. රාජ්‍යක ජනතාවක් කුමන හෝ මාර්ගයෙන් රෝගීන් කිරීම දුෂිත බලය පවත්වා ගැනීමේදී අතිශය වැදගත් වන්නේ එවැනි රෝගී මනසක් බලයේ ඇති ගතික බව තේරුම් ගැනීමට දක්වන මැලිකම නිසා මෙන්ම, එය බලයේ අගති භාවිතාව නිසා ගොදුරට පත්වෙන අයවලුන් එකතු නොකරනු ලබයි. එය එකිනෙක අතර වියුක්තියක් නිර්මාණය කරනු ලබන අතර ආණ්ඩු පාක්ෂිකද, නිර්පාක්ෂිකද, විරුද්ධ පාක්ෂිකද යන්නට වඩා අවසාන පිළිඹිබුවෙදී ගූඪ පුද්ගලිකත්වය කේන්ද්‍රකරගත් කුහකත්වයක් වෙතට තල්ලු කරනු ලබයි. මේ නිසා තවෙකෙක් වෙනුවෙන් තවත් කෙනෙකු කරන කැපකිරීම අතිශය සීමා වූ අතර සමාජ ව්‍යාපාරයන් වෙනුවෙන් එක්ව සටන් කිරීම නොකළ යුතු දෙයක් බවටට පත් විය. මෙවැනි තත්වයක් යටතේ සමාජ ප්‍රතිසංස්කරණය යන්න දවල් හීනයක් පමණක් වන අතර එය සමාජ ව්‍යාකූලත්වය සඳහා හේතු වේ. ලංකාවේ බිහි වූ බොහොමයක් දේශපාලන ව්‍යාපාර මෙම මුලික ලක්ෂණය හදුනා නොගත්තා පමණක් නොව කිසිම සංවිධානයක් තම පුද්ගලික බලය කෙන්ද්‍රකරගෙන "කුහකත්වය" මත පදනම් කරගත් ධූරාවලියක් නිර්මාණය කරගැනීමට උත්සහ කළා මිස ඉන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් ගැන සිහිනෙන්වත් නොසිතූහ.
රාජපක්ෂ විසින්ද සිදුකරමින් සිටින්නේ එයයි. මෙවැනි ගමනක් රටක අනාගතය පැත්තෙන් අනිවාර්ය ඛේදජනක දෙයක්බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂ මෙහිදී අනෙක් නායකයින්ට වඩා සිදුකල තවත් එක ක්‍රමෝපායක් විය. එනම් පුද්ගලයාට හිමි අනන්‍යතාවය අහිමි කිරීමයි. නිළිය දේශපාලනඥයෙක් කළේය. දේශපාලනඥයා උඩබලාගෙන සිටින ජෙය්ෂ්ඨ ඇමතියෙක් කළේය. භික්ෂුව පොලිසිය කළේය. ආදී ලෙස සෑම ක්ෂේත්‍රයකටම හිමි තැන විනාශ කළේය. සැබවින්ම මෙය 80 දශකයේ සිටම දක්නට ලැබුණු නමුත් රාජපක්ෂ එය වඩාත් දරුණු ලෙස සිදුකළේය. මේ හරහා රාජපක්ෂ තම හෝ තම පවුලේ සභිකයින් හැර කිසිවෙකු විස්වාශ කිරීම වූකලී තම අවශ්‍යතාව ඉටුකර ගැනීම නොවන තැනට තල්ලු කරනු ලැබීය. මචං ඥණසාරගෙන් ඔබ්බට ඇති කතාන්තරය වන්නේ එයයි. මෙය තේරුම් නොගෙන මචං ඥාණසාරගේ හෝ මචි ඥාණසාරගේ කුණු ඇවිස්සීම තාවකාලික ප්‍රමෝදය සඳහා පමණක් හේතු වේ. මෙය දේශපාලන න්‍යායක වශයෙන් ගත් කළ " බුද්ධිමතා විසින් හිතාමතාම සිදුකරන ස්වයං-වින්ධනය" ලෙස හැදින්විය හැකිය. රටේ ජනතාවට අවබෝධ කරදිය යුත්තේ මෙය නොවන බව තේරුම් ගැනීමට ගතවන කාලය ගෙවන තාක් රාජපක්ෂ විසින් බිහිකොට ඇති සංස්කෘතිය නිශ්චිතයක් වනු ඇත.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 11 වෙනි බ්‍රහස්පතින්දා, 11:02
මේක වෙනස්කරන්න සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් හෝ අවශ්‍යයි – ටෙරන්ස් පුරසිංහ
- 2013 අප්‍රේල් 11 වෙනි බ්‍රහස්පතින්දා, 10:50
- විශේෂාංග
1971 සිදු වූ ජන අරගලයේ දී දිවිපිදූ විරුවන් සිහිකරනු වස් ‘‘71 සංසදය’’ විසින් සංවිධානය කරන ලද විරුසමරුවක් 2013-04-05 වන දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී පැවැත්විනි. එහි දී, පරිසරවේදී රවින්‍ද්‍ර කාරියවසම් විසින් රචිත ‘‘රජයේ භෞතික සංවර්ධනසැලසුම සහ ප‍්‍රතිවිපාක’’ නම් වූ කුඩා ලියැවිල්ල ජනගත කළේ ය.
උතුරු කොරියාවේ ගෙරවිල්ල හෙවත් අමන ස්වංභක්ෂණය - නිලන්ත ඉලංගමුව
- 2013 අප්‍රේල් 10 වෙනි බදාදා, 09:06
- විශේෂාංග
යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි.
පාලකයන් කරන අනර්ථය... - තිසරණී ගුණසේකර
- 2013 අප්‍රේල් 09 වෙනි අඟහරුවාදා, 08:51
- විශේෂාංග
‘‘සදාතනික යුද්ධයක පැටළුණු රාජ්‍යයක්... ජීවිතයේ සෑම පැත්තක්ම වසා පවතින හිංසනයක්... ධනපතියන් වැජඹෙන, දිළින්දන් විඳවන තත්වයක්: හොඳම දරුවන් අතහැර යන රටක්?’’ යූරි ඇව්නෙරි (කවුන්ටර් කරන්ට්ස්)
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 09 වෙනි අඟහරුවාදා, 10:22
දාරියෝ පෝ කණපිට ගසන මිනිසා – මාලක දේවප්‍රිය
- 2013 අප්‍රේල් 07 වෙනි ඉරිදා, 09:30
- විශේෂාංග
මෙවර 2013 ලෝක නාට්‍ය දින සැමරුම් උළෙල පැවැත්වූයේ දාරියෝ පෝ ප‍්‍රකාශිත සංදේශයක් සමගයි. මාර්තු 27 දින ටවර් රඟහලේදී ශි‍්‍රයන්ත මෙන්දිස් විසින් එම සංදේශය කියවීම කාගේත් අවදානයට ලක්වුණා.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 28 වෙනි ඉරිදා, 13:47
ආගම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය - හේමන්ත වර්ණකුලසූරිය
- 2013 අප්‍රේල් 06 වෙනි සෙනසුරාදා, 16:47
- විශේෂාංග
1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්, කොමියුනිස්ට් කඳවුරට වන්දනාමාන කරන ජාතියක් වීමු.
71 අප්‍රියෙල් නැගිටීම පිළිබඳ හමුදා නිලධාරියෙකුගේ මතකය.....!
- 2013 අප්‍රේල් 06 වෙනි සෙනසුරාදා, 14:59
- විශේෂාංග
71 අප්‍රේල් 05 තරුණ සන්නද්ධ නැගිටීමෙන් දින කිහිපයකට පසු පළමු ලංකා ජාතික ආරක්ෂක බලකායට (1CNG) අනුයුක්තව සිටි ලුතිනන්වරයෙකුට භාරවූයේ අනුරාධපුරය බලා දුම්රිය මගින් ආහාර ප්‍රවාහනය කිරීමයි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 11 වෙනි බ්‍රහස්පතින්දා, 11:06
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම - ගාමිණී වියන්ගොඩ
- 2013 අප්‍රේල් 06 වෙනි සෙනසුරාදා, 08:19
- විශේෂාංග
එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය:
(1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල පිරිසක් ඊට සහභාගී වූහ. ඒ අතරේ භික්ෂූන් වහන්සේලා ද සිටියහ.
මාතලයේ සමූහ මීනීවළ, අතුරුදහන් කොමිෂම් සභා සහ අපරාධයට දඩුවම - සුනන්ද දේශප්‍රිය
- 2013 අප්‍රේල් 05 වෙනි සිකුරාදා, 10:12
- විශේෂාංග
මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලයේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආණ්ඩුව යුද වැදී සිටි 1988 - 1990 භීෂන සමයට ය.
පස්ස කැසීමට නියපොත්ත නැති අපි ‘වංශෙ කබල් ගෑම’ හා ඉන්දියන් විරෝධය - ජයම්පති බුලත්සිංහල
- 2013 අප්‍රේල් 05 වෙනි සිකුරාදා, 10:06
- විශේෂාංග
අතීත කතාව
මෙය මා කුඩා කල අසා ඇති කථාවකි. එනම් උඩරට එක් රදල මවකට තම දියනිය දීග දීමට අවශ්‍ය කාලය පැමිණි විට ඇය තම දියණියගේ ස්වාමියාට තිබිය යුතු එකම සුදුසුකම් ලෙස බැලූ කරුන වූවේ තම වංශයට සුදුසු බෑනා කෙනෙකි.
අප්‍රියෙල් නැගිටීම -රංජිත් හේනායක ආරච්චි
- 2013 අප්‍රේල් 05 වෙනි සිකුරාදා, 06:55
- විශේෂාංග
අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත් යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.එමෙන්ම එදිනට ලංකාව පුරා සියලුම් පොලිස් ස්ථානවලට පහරදීමට අප සංවිධානය තීරණය කර තිබූ බව ද මා දැන සිටියෙමි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 07 වෙනි ඉරිදා, 09:37
ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීම ශිෂ්ඨාචාරයයි - නි. පොලිස්පති
- 2013 අප්‍රේල් 04 වෙනි බ්‍රහස්පතින්දා, 10:23
- විශේෂාංග
අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රුස් කරවා පැෂන් බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව සනාථ වන චීවරධාරීහු ද වෙති. වෙළද සැළට අලාභය ලක්ෂ ගනනාවකි. තුවාලකරැවෝ විස්සක් පමණය. භික්ෂුවක විසින් තර්ජනය කරන ජනමාධ්‍ය වේදියකුට තුවාල ලබන තුරැ පහර දෙති. පොලීසිය බලා ගෙන සිටී.
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම - උදය ආර්. තෙන්නකෝන්
- 2013 අප්‍රේල් 03 වෙනි බදාදා, 11:26
- විශේෂාංග
කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද අදූර දර්ශී, තරුණ ගැටවරයන්ගේ බොළඳ ක්‍රියාවක් නිසා බව කියුබානු ඉතිහාසය සඳහන් කරයි.
මේ ‘එළ ජාතික අභිමානය’ මිස අන්කවරක්ද හසන්ත?
- 2013 අප්‍රේල් 02 වෙනි අඟහරුවාදා, 10:31
- විශේෂාංග
‘බලන්න හසන්ත තිහාරියෙන්, අම්පාරෙන්, මනම්පිටියෙන්, දෙහිවලින්, මාතරින්, කොටහේනෙන්...... මේ ඈ කී නොකී ප්‍රදේශවලින් ‘‘මුස්ලිම් ගෝනි බිල්ලන්ට’’ එරෙහිව හෙළ කුල කතුන්ගෙන් හෙල විරු සිහළුන්ගෙන් ටිකෙන් ටික ටිකෙන් ටික මතුවන නැග එන මේ විරෝධය නැමැති ප්‍රබෝධය සාක්ෂි දරන්නේ මෙතුවක් කලක් යටපත් වැ පැවති එදා ‘‘හෙල ජාතික අභිමානය’’ යනුවෙනුත් අද ‘‘එළ ජාතික අභිමානය’’ නමින් හඳුන්වනු ලබන යටපත් වී තිබූ ජාතික සටන නොවේද?
සංවර්ධනය නිසි පිළිතුරක් ද? - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
- 2013 අප්‍රේල් 02 වෙනි අඟහරුවාදා, 10:23
- විශේෂාංග
මේ වෙන කොට ලංකාව ගැන කතා කරන තැනට මුළු ලෝකෙටම එන්න සිද්ධ වුණා. මේක ආණ්ඩුව ලබාගත්ත එක්තරා ජයක් ලෙසට සමහරු පෙන්වන්න හදනවා.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 02 වෙනි අඟහරුවාදා, 10:38











