Lanka News Web

විශේෂාංග

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද? - කිෂාලි පින්තු ජයවර්ධන

වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු කම්කරුවන් පිරිසක් සිංහල ගැමියන් සමග කෝලාහලයට පැටලූණේ මේ සතියේ ය.

AddThis Social Bookmark Button

ආත්මය පරඩැල්ය; පයින් යන පොරවල්ය

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 24 වෙනි බදාදා, 14:56

මුග්ධ ජානය – තිසරණී ගුණසේකර

‘‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය)

ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට තිබේ. එහෙත් තවමත් යම් ජනප‍්‍රියත්වයක් නොනැසී පවතී.

AddThis Social Bookmark Button

අපි ඉපැදිලා ඉන්නෙ වැරදි රටක -ස්වර්ණා

ජීවිතය සෙවීම පහසු නොවේ. එය ට යහපත් සිහියත්, බුද්ධියත් අවශ්‍ය ය. යහපත් සිහිය, දැක්ම කෙනෙකු ගේ ඉරණම වෙත ඔසවා තබයි. ජීවිතය තුළ යමක් ඉතිරි කර තැබිය හැක්කේ කීයෙන් කී දෙනාට ද. කාලය ඒ තැබීම මිනිස් මතකයෙන් ඈත් නොකරයි. එය අත්නොහැර තබයි.

AddThis Social Bookmark Button

කිරීම සහ කරගැනීම - නිලන්ත ඉලංගමුව

"අපි සමහරක් දෙනා විශ්වාස කරනවා වෙනස් කරන්න පුළුවන් කියා, ඉන්පසු සමහර වෙලාවට අපි ඇහැරෙනවා ඉන් පස්සේ අපට තේරෙනවා අපි පරාජයි කියා" ( හෙන්ට්‍රි බාතෙස් - ඩිටෑච්මන්ට් )

AddThis Social Bookmark Button

පැත්ත ගියත් නැත්ත රැකීම - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න‍

දැන් වැඩ කරන ජනතාව තුලිනුත් වැඩිවෙන ආර්ථික අමාරුකම් උඩ ආණ්ඩුවට විරුද්ධව හඬ නැඟෙන නිසා එය යට කිරීමට සිංහල බොදු යන අනන්‍යතා පෙරට ගන්නවා කියන අදහස බලවත් වෙලා තියනව.

AddThis Social Bookmark Button

රාජපක්ෂ දේශපාලනයට තිත්ත වන ඇමෙරිකානු මිදි - සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි.

AddThis Social Bookmark Button

අපේ ගමේ හාමුදුරුවෝ - නිලන්ත ඉලංගමුව

අපේ ගමේ හාමුදුරුවෝ අපවත් වූහ. උන්වන්සේ පඥ්ඥානන්ද නම් වූහ. එය සිදු වුණේ මීට දින කිහිපයකට ඉහතදීය. අද උන් වහන්සේගේ දේහය පිළිබඳව අවසාන කටයුතු සිදු කරනු ඇත. උන් වහන්සේ එතරම් මහළු නොවුවද හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මරණයට පත් වූහ.

AddThis Social Bookmark Button

බෞද්ධයන්ගේ නිශ්ශබ්දතාවෙන් ඇඟවෙන්නේ, අපරාධ සහායකත්වයක් ද? - රෂීඩ් රීසා

‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත‍්‍රපටියේ එම දර්ශනය මා තුළ තියුණු බලපෑමක් ඇති කොට තිබුණි. ඇත්තෙන්ම එය මට මතක තිබුණේ නැත. එහෙත්, අදාළ මොහොතක් එළඹෙන තෙක්, එය මගේ මොළේ තන්තු අතරේ අප‍්‍රකටව සහ නිද්‍රාගතව සැඟ වී සිට ඇත.

AddThis Social Bookmark Button

උදයන් පුවත්පතට ගිනි තැබීම ‘ඇතුළේ වැඩක්’: රජයේ ප‍්‍රකාශක - ගාමිණී වියන්ගොඩ

පසු ගිය දා යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට ගිනි තබා විනාශ කළහ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පුවත්පතට එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි.

AddThis Social Bookmark Button

රෝහින්ගා ලේ ගංඟා - ජයම්පති බුලත්සිංහල

රෝහින්ගා Rohingya යනු මියන්මාරයේ රක්නී Rakhine නම් පලාතේ ජීවත්වන මුස්ලිම් ජන කොට්ඨාශයකි. රක්නී නම් පළාත සුළු ජාතියක් වන රෝහීන්ගා වැසියන් හා මහ ජාතිය වූ රක්නී බෞද්ධ ජනතාවගෙන් යුතු වන අතර එම පළාත මියන්මාරයට ඇදී ඇත්තේ ක්‍රි.ව 1700 තරම් ඈත කාලයේය. ඒ අනුව රෝහින්ගා වැසියන් මියන්මාරයේ රාජ්‍යයට අයත් වැසියන් වී ඇත.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 19 වෙනි සිකුරාදා, 03:34

බොදුබල සේනා-විරෝධී ඉටිපහන් සත්‍යක‍්‍රියාව:විචාරය පිළිබඳ විචාරයක් - දයාන් ජයතිලක

තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක‍්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන(ලංකාවේදී නම් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි) සත්‍යක‍්‍රියාවක් විය යුතුය.

AddThis Social Bookmark Button

‘‘නිහඬ බහුතරය’’: අදහස් බෙදාහදා ගැනීමක් - චාර්ල්ස් සර්වාන්

‘‘ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය, සාධාරණ සිතැ’ති, විනීත, ත්‍යාගශීලී පිරිසකි. මේ බහුතරය නිහඬව සිටිය යුතු නැත. රටේ නාමයෙන්, අන්තවාදීන්ට එරෙහිව නැගී සිට, හඬනැගිය යුතුය.’’ මෙවැනි අදහස් දුලබ නැත.

AddThis Social Bookmark Button

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව - ගාමිණී වියන්ගොඩ

අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන පිරිසක් නොවේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 12 වෙනි සිකුරාදා, 09:15

නපුරු යුගයක සිට විමුක්තියේ මොහොතට පෙර - ප්‍රියන්ත ගුණරත්න -

ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සාහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 12 වෙනි සිකුරාදා, 08:58

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා - සුනන්ද දේශප‍්‍රිය

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට ඉතිහාසයෙන් මැකී යනු ඇතැයි ඝාතකයින් සිතන්නට ඇති දෙවැනි ජවිපෙ පරම්පාරාව දැන් ශ‍්‍රී ලංකාවේ දේශපාලන වගවීම පිළිබඳ කතිකාවතෙහි නව දෝංකාරයක් ලෙස මාතලෙන් මතුව තිබේ.

AddThis Social Bookmark Button