Lanka News Web

සාමාන්‍ය

මර්වින් යලිත් මාධ්‍යයට පුප්පයි

රාජපක්ෂ ආණ්ඩුවේ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා​ගේ ප්‍රදානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහිදි පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු අමාත්‍ය මර්වින් සිල්වාගේ විමසා සිටියේ විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස ඔහුට ජනතාවගෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇත්ද යන්න පිළිබඳවයි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් ඉදිරිපිට තිබෙන අසුන්වල සිටින මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පමණක් තමන් පිළිතුරු ලබාදෙන බවයි.

AddThis Social Bookmark Button

13 ගැන බොදු බල සේනා මතය හෙළිකරයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නිල ස්ථාවරය අද (21) ප්‍රකාශයට පත්විය.

AddThis Social Bookmark Button

21 වැඩ වැරුම ගැන CMU ජනපතිට යැවූ ලිපිය

විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ (21) පැවති වැඩ වර්ජනය දැනුම් දීම සඳහා , ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) ප්‍රධාන ලේකම් බාල තම්පෝ මහතා විසින් ජනාධිපවරයා වෙත යොමු කරන ලද ලිපිය හා ඔවුන්ගේ 2012 දෙසැම්බර් 07 සහ 08 පැවති 3 2 වන නියෝජිත සම්මේලනයේ යෝජනා පහත පල වේ.

AddThis Social Bookmark Button

උදුරා ගත් පරමාධිපත්‍යය යළි ජනතාව සතු කිරීමට යෝජනා 3 ක්- තිස්ස අත්තනායක

විධායක ජනාධිපති ධූරය භාවිතා කරමින් ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීමට සන්ධාන ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් කටයුතු කරන ආකාරය පිළිබඳව විරෝධයක් ජනතාව තුළ මතු වී ඇති අතර . ඒ සම්බන්ධව විකල්ප තුනක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තුව වන බව ඊයේ (21 ) කොළඹ - රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටී.

AddThis Social Bookmark Button

අපේ අරමුණු සාර්ථකයි. ආණ්ඩුවේ ප‍්‍රතිචාරය බලා ඉදිරි ක‍්‍රියාමාර්ග දැනුම් දෙනවා.

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරුද්ධව සිදු කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ත් ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රතිචාරය බලා ඉදිරියේදී දැනුම් දෙන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුව විසින් ඊයේ (21) කොළඹ නිපෝන් හෝටලයේ දී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියහ.

AddThis Social Bookmark Button

අගමැති කාර්යාලය 'කම්කරු දඩයම' අරඹයි

අද (21) උදෑසන 9.00 ට පෙර සේවකයන් කොපමණ ප්‍රමාණයක් සේවයට වර්තාකරද යන්න සහ 10.00 පසු කීදෙනෙක් සේවයට වර්තා කලා ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් වහාම සපයන ලෙස ඊයේ දිනයේදී සියලුම ලේකම්වරුන්ට,ප්‍රධාන ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අගමැති කාර්යාලය විසින්යොමු අංක 01/110/01/2013 යටතේ එස්.අමරසේකර අග්‍රාමාත්‍ය ලේකම් ගේ අත්සනින් යුතුව ලිඛිතව ඊයේ (20) දන්වා තිබේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 21 වෙනි අඟහරුවාදා, 11:47

'විජයග්‍රහණ'යේ බෝට්ටුව පෙරළීම නිසා නාවික හමුදාපති ගෙදර!

එල්ටීටීඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කොට සිව් වසරක් සැමරීම නිමිත්තෙන් රජය සංවිධානය කළ ‘විජයග්‍රහණය’ නැමැති සංදර්ශනයේ දී ප්‍රහාරක නාවික යාත්‍රාවක් පෙරළී නාවික හමුදා භටයෙකු මිය යෑම සම්බන්ධව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 21 වෙනි අඟහරුවාදා, 08:26

උතුරේ මර්ධනය; යාපනය ත්‍රස්ථ විමර්ෂණය එස්. කජේන්ද්‍රන්ගෙන් නැවත ප්‍රශ්ණ කරයි

යාපනය පොලීසියේ ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යයැයි කියමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් එස්.කජේන්ද්‍රන් ඊයේ දිනයේදී (20) යාපනය පොලීසියට කැදවා තිබේ.

AddThis Social Bookmark Button

වර්ජනයට සේවකයෝ දස දහස් ගණනින්

විදුලි ගාස්තු වැඩි කිරීම මුල් කොට ගෙන අද (21) දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වේ. එයට විවිද රාජ්‍ය හා පුද්ගලික සේවකයන් දස දහස් ගණනක් සහභාගි වන බව වාර්තා වේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 21 වෙනි අඟහරුවාදා, 08:25

ආණ්ඩුව දැන් වැටෙන කාලයයි. ආයෙත් නැගිටින්න බැහැ - විපක්ෂ නායක

'ආණ්ඩුව දැන් වැටෙන කාලයයි. ආයෙත් නැගිටින්න බැහැ' යනුවෙන් 2013-05-20 වැනි දින ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැත් එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකා විශේෂ පුහුණු වැඩමුළුවේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

AddThis Social Bookmark Button

21 වර්ජනයේ නීත්‍යානුකූලභාවය වෙනුවෙන් උසාවි යනවා - TUCC

අසාධාරණ ලෙස වැඩිකරන ලද විදුලි ගාස්තු අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දී තිබෙන අයිතිය ප‍්‍රකාරව නීත්‍යානුකූල ආකාරයට ප‍්‍රකාශයට පත් කරන ලද මැයි 21 වැඩවර්ජනය නීති විරෝධී ආකාරයට බලහත්කාරය යොදමින් කරන ලද මැදිහත්වීම්වලට එරෙහිව අදාල දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කාර නියෝජිත අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා unionslanka වෙත පැවසීය.

AddThis Social Bookmark Button

2013 වසරේ පළමු මාස 5 තුළ ලැබී ඇති වර්ෂාව නිසා විදුලි ගාස්තු ඉහළ නැවීමට අවශ්‍ය නොවේ.

ලංකා විදුලි බල මණ්ඩලය තක්සේරු කළාට වඩා වැඩි වර්ෂාපතනයක් 2013 වසරේ මේ දක්වා ලැබී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයට මේ වසරේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය නොවන බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ලෙස අපි අවධාරණය කර සිටිමු.

AddThis Social Bookmark Button

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) 2013 මැයි දින යෝජනා

කොළඹ සීඑම්යූ මූලස්ථානයේ 2013 මැයි 1 වැනි දින පැවැත්වෙන ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ) මෙම මැයි දින රැළිය, ඉතා අඩු මූලික වේතන ගෙවමින් හා තමන්ට හා තමන්ගේ පවුල්වලට යාන්තමින්වත් නඩත්තුවීම සඳහා සතියේ දින 6 ක්ම පෑ දෙකක් හෝ ඊට වැඩි කාලයක් අතිකාල සේවයේ යෙදීමල අවශ්‍ය බවට පත්කරමින් මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත කම්කරු ජනයාටල නෛතික සීමාවන් කඩකරමින් දිනකට පෑ 8 කට වඩාත්, සතියකට පෑ 48 කට වඩාත්, සේවයේ යෙදීමට බලකරනු ලබන බව සැලකිල්ලට ගනී.

AddThis Social Bookmark Button

"21" මර්ධනය ඇරඹෙයි; බස් හිමියන්ගේ සංගමයේ ක්‍රියාකාරීන් අත්අඩංගුව

අද දිනයේ පටන් පැවැත්වෙන බව කියන බස් රථ වර්ජනය සම්බන්දයෙන් පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පල අසල ප්‍රචාරක පත‍්‍රිකා බෙදමින් සිටි සමස්ථ ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු සහ උප සභාපති සම්පත් ගුණතිලක පොලිස් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

AddThis Social Bookmark Button

ආණ්ඩුව 19 වන සංශෝධනයට 2/3 සොයා ගැනීමේ අර්බුදයක

ජනාධිපති ධූරයට තරඟ කිරීමේ කාලසීමාව වසර 4 සිට 3 දක්වාත් ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වාත් අඩු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒම මගින් ලබන වසරේ මාර්තු මාසයේ දී ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ආණ්ඩුව බලාපොරොත්තු වුව ද ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට 2/3 ක බලයක් නොමැතිවීමේ තත්වයක් යටතේ ආණ්ඩුව අර්බුදයකට මුහුණ දී ඇති බව අනාවරණය වේ.

AddThis Social Bookmark Button

ආණ්ඩුව දැනටමත් පරාජය භාර අරගෙන ඉවරයි - ලාල්කාන්ත

මේ වෙනකොට වැඩවර්ජනය සඳහා සියළු වැඩකරන ජනතාව සූදානම්ව සිටින බවත් වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විවිධ කුමන්ත‍්‍රණය කරමින් ජනතාව බිය ගැන්වීම සඳහා ආයතනවලට ලිපි යවමින් සිටින බවත් එවැනි ක‍්‍රියාමාර්ග වලින් ආණ්ඩුව වැඩවර්ජනයට කොතරම් භය වී සිටින බව දැනගත හැකි බවත් අද පැවති මාධ්‍ය හමුවකදී ලාල් කාන්ත සහෝදරයා පැවසීය.

AddThis Social Bookmark Button

21 වැඩ වර්ජනයට සහයෝගය පලකරීම ඉදිරි සති 2 තුළ පළාත් මට්ටමින් දැවැන්ත විරෝධතා ක‍්‍රියාත්මක කිරීම

වැඩිකල විදුලි බිලට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප‍්‍රධානත්වයෙන් මැයි 31 දින සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජනතාවගේ බඩට වැදෙන ලෙස වැඩිකල විදුලි බිලට එරෙහි සංකේත වර්ජනයට අප ව්‍යාපාරය හා ඒකාබද්ධ වී ඇති වෘත්තීය සමිති වල ද සහාය පලකරන්නෙමු.

AddThis Social Bookmark Button

වර්ජනයට ආණ්ඩුව බයවේ - නිවාඩු අවලංගු කරන ලෙස ආයතනවලට ලිපි යවයි

21 දින ප‍්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තුවලට ආණ්ඩුව මගින් නිවාඩු අවලංගු බවට ලිපි යවා ඇති බව විවිධ ආයතන ආරංචි මාර්ග පවසයි. 

AddThis Social Bookmark Button

ජනතාවගේ දුක නොතේරෙන සෞඛ්‍ය බළධාරීන් උපස්ථායක විභාග අපේක්ෂකයින් අතරමං කරයි

සෞඛ්‍ය සේවාවේ උපස්ථායක තනතුරු සඳහා බඳවා ගැනීමට 2013.05.19 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන වලදි තරඟ විභාගයක් පැවැත්වීමට නියමිතව තිබුණි.

AddThis Social Bookmark Button

තර්ජන මර්දන කර, බොරු නිවේදන මගින් නිවාඩු අවලංගු කර 21 වර්ජනය කඩාකප්පල් කරන්න බෑ - සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

වෘත්තීය සමිති සාමාජිකයින් වෙත තර්ජනය කර හෝ මර්දනය කරමින්, බොරු නිවේදන නිකුත් කරමින් 21 වැඩවර්ජනය කඩාකප්පල් කළ නොහැකි බවත් එය නතර කිරීමට නම් විදුලි බිල අහෝසි කළ යුතු බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසා සිටී. එම සංගමය නිවේදනයක් මගින් මේ බව පවසා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

AddThis Social Bookmark Button

වතු සමිති නායක 'රතු කොඩි' රාමයියා සමුගනී

දශක හයකට වැඩි කලක් ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ නියැලි වතු කම්කරු නායකයෙක් දිවියෙන් සමුගත්තේය.

AddThis Social Bookmark Button

මෙවර වෙසක් උත්සවයේදී කතෝලික අප නොකළ යුතු දෑ.....

වෙසක් උත්සවය යනු ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිකරනු ලබන වාර්ෂික උත්සවය වේ. සාමාන්‍යයෙන් බෞද්ධයින් විසින් මේ උතුම් උත්සවය වෙනුවෙන් ආමිස පූජාවන්ද, ප්‍රතිපත්ති පූජාවන්ද පවත්වනු ලබති.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 20 වෙනි සදුදා, 07:59

තුවක්කු විතරයි ‘පහන්’ බැහැ

යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 20 වෙනි සදුදා, 06:58

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෙවන ලද වැටුපෙන් 20% ක් කප්පාදු කිරීමට ආණ්ඩුව සැරසෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයක් අනුව රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 9/2004 අනුව ගෙවන ලද වැටුප නැවත අයකර ගැනීමට උපදෙස් ලබා දී ඇත.

AddThis Social Bookmark Button

රාජ්‍ය බලහත්කාරය නොයොදා 21 වැඩවර්ජනයට මුහුණ දෙන්න - වෘත්තීය සමිති නායකයින්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

අසාධාරණ ලෙස වැඩිකරන ලද විදුලි ගාස්තු අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කැඳවා තිබෙන මැයි 21 වැඩවර්ජනය හා ජාතික විරෝධතාව වැළැක්වීම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව රාජ්‍ය බලය යොදවමින් දැඩි මර්දනකාරී ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් බලහත්කාරී ලෙස කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.

AddThis Social Bookmark Button

ඔබලාගේ අරගලය තනි වී නෑ - යසීන් මලික් (JKLF)

ශ්‍රී ලංකවේ දෙමළ ජනයා ඝාතනය කිරීමට හ්‍රී ලංකා රාජ්‍යයට සහය දුන් නවදිල්ලි පාලනය පුදුමයට පත්කරමින් ජම්මු කෂ්මීර් විමුක්ති පෙරමුණේ (JKLF) නායක යසීන් මලික් Naam Tamizhar Katchi පක්ෂය විසින් සංවිධානය කර තිබූ මුලිලි​​වෛයිකාල් වර්ග සංහාර අනුස්මරණ රැළියට සහභාගී වියි.

AddThis Social Bookmark Button

වැඩවර්ජනයට බයේ ආණ්ඩුව ගුරු- විදුහල්පතිවරුන් මර්ධනයට - මහින්ද ජයසිංහ

21 දින ප‍්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජනයට ගුරු-විදුහල්පතිවරු එකතුවීම හමුවේ බියට පත් වී ඇති ආණ්ඩුව විවිධ කුමන්ත‍්‍රණ දියත් කරමින් නීත්‍යානුකූල වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් ඇති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

AddThis Social Bookmark Button

හමුදා මර්ධනය මැද යාපනය සරසවි සිසුහු මුල්ලි​වෛයිකාල් වර්ග සංහාරය අනුස්මරණය කරති

ශ්‍රී ලංකා රජයේ හමුදාවේ නිරන්තර තර්ජන ගර්ජන මැද්දේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් එකතුව විසින් පසුගිය සිකුරුදා(17) මුල්ලි​​වෛයිකාල් වර්ග සංහාරයෙන් ඝාතනය වූ සිය නෑසියන්,ආදරණීයන් සිහිපත් කලහ.

AddThis Social Bookmark Button

මුල්ලිවයික්කාල් හිදී මිය ගිය දස දහසක් නෑසියන් වෙනුවෙන් ලන්ඩන් නගරයේදී උද්ඝෝෂණයක්

මීට සිව් වසරකට පෙර උතුරේ , මුල්ලිවයික්කාල් හිදී මිය ගිය දස දහස් ගණන් සිය නෑසියන් වෙනුවෙන් ශෝක වෙන පිරිස් දහස් ගණනක් ලන්ඩන් නගරයේදී උද්ඝෝෂණයකට සහභාගි විය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 19 වෙනි ඉරිදා, 16:31

හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් අනුරුද්ධ ප්‍රදීප් රැකියාවෙන් දොට්ට

හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් සහ ජනවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් එම උසස් අධ්‍යාපන අමාතං ඉහළින් ලැබුණු නියෝගයක් මත කතිකාචාර්යධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර තිබේ.

AddThis Social Bookmark Button