පසුගිය දා සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හමුවීමට ගොස් සාකච්ඡා පැවැත්වූ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (10) සවස ඉතාමත් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.
පසුගිය දා සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හමුවීමට ගොස් සාකච්ඡා පැවැත්වූ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (10) සවස ඉතාමත් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 12 වෙනි බදාදා, 16:10
2017 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දු - ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟමාලාවේ රූපවාහිනී විකාශන අයිතිය මිලට ගැනීමට ‘Ten Sports’ සමාගමට අයත් ‘Taj TV’ රූපවාහිනී නාලිකාව සමත් වී ඇති බව වාර්තා වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 26 වෙනි ඉරිදා, 13:50
එසේ නම්, ආණ්ඩුවට අවඥා කිරීම හෝ ප‍්‍රතිවාදී වීම, ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ මුවහත් කිරීමට ආණ්ඩුව යොදාගන්නා අළුත්ම අවසරය ද? මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලි විසින් ආණ්ඩුව ‘අවඥාවට පත්කරනු ලැබීම’ සහ ‘මහජන කලබලයට තුඩුදෙන ආණ්ඩු විරෝධී ප‍්‍රකාශ කරනු ලැබීම’ යන චෝදනාව යටතේ ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අනුව සිරභාරයට ගෙන රඳවා තබා ගැනීම තුළ පසු ගිය සතියේ දිග හැරුණු විකාර ජවනිකාව තුළ, අවාසනාවකට මෙන්, එම පැනය ඉබේ විදාරණය කෙරේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 15 වෙනි බදාදා, 08:59
පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ පරමාභිලාෂයෙන් මහින්ද චින්තනය අනුව ගොඩ නගන ලද ‘මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල’ මේ වන විට කුරුල්ලන්, මොණරුන්, කිඹුලන් සහ අලින් තම ක්ෂේම භූමියෙන් පලවා හරිමින් සිටින අතර ගුවන් තොටුපොලේ අලුත්ම ගොදුර බවට පත් වී ඇත්තේ අවට අභයභූමියේ ජීවත් වන වඳුරන් ය.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 27 වෙනි සෙනසුරාදා, 14:38
අභිනවයෙන් ඉදිකරන ලද හම්බන්තොට මාගම්පුර වරායේ තෙල් ටැංකි සියල්ල ගිලා බසිමින් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහල නිලධාරියෙකු අප හා පැවසීය.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 19 වෙනි සිකුරාදා, 09:41
ශී‍්‍ර ලාංකික කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් ලෙස දුක් විඳ උපයන මුදල්වලින් ආණ්ඩුව ඔවුන්ගේ සැමියන්ට මත්පැන් පොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී වෛද්‍ය අනෝමා ගමගේ පවසන්නීය.
පසුගිය දා ජනාධිපතිවරයා සමග ජපානයට ගිය විනෝද කටයුතු ඇමති ජයරත්න හේරත් මහතාට කුඩම්මාගේ සැලකිලි ලැබී ඇති බවත් අවසානයේ ඔහුට ජපානයට පිරි නැමුණු ඇත්පැටව් දෙදෙනා බලා ගැනීමට ගිය ඇත් ගොව්වා සමග එකම කාමරයක ලැගුම් ගැනීමට සිදුවීමේ පුවතක් Lanka News Web වෙත වාර්තා වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 05 වෙනි සිකුරාදා, 11:14
අද(25) මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස් යලි කටුනායක බලා එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී අනතුරකට ලක් ව තිබේ. එම ගුවන් යානය විනාඩි 10 ක් තුල කටුනායක ගුවන්තොටුපොලට ගොඩ බැස්සීමේ හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වැළකී ගොස් ඇත.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මාර්තු 26 වෙනි අඟහරුවාදා, 11:08
රුපියල් බිලියනයකට වැඩි වටිනාකමින් යුත් මිනිරන් තොගයක් ‘අබිලි ද්‍රව්‍ය’ ලෙස සලකා ටෙන්ඩර් කැඳවීමකින් තොරව දෙමළ ව්‍යාපාරිකයෙකුට විකුණා දමන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විලී ගමගේ මහතා ට නියෝග කර ඇත.
යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී. දර්ශණන් ඊයේ රාත්‍රී එකට පමණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2012 දෙසැම්බර් 01 වෙනි සෙනසුරාදා, 18:22
දෝෂාභියෝගය සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන පෙත්සම් පිළිබඳව තීන්දුවක් හා ඊට අදාළ අර්ථ නිරූපණයන් ලබා දෙන තෙක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු කල් දමන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ ඉල්ලීම නොසලකා හරිමින් කටයුතු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කමිටුවේ ආණ්ඩු පක්ෂයේ නීතිඥවරුන්ගේ නීතිඥ ධූර අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට නීතිඥයින් කණ්ඩායමක් සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2012 නොවැම්බර් 25 වෙනි ඉරිදා, 19:38
නොවැම්බර් 22 දා චීනයේ දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබූ 'සුප්‍රීම් සැට් -1' හෙවත් 'චයිනාසැට් - 12' යනුවෙන් නම්කර ඇති සන්නිවේදන චන්ද්‍රිකාව 'ශ්‍රී ලංකාව සතු ප්‍රථම චන්ද්‍රිකාව'ලෙස ගෙන යන ප්‍රචාරය ජනතාව නොමඟ යවන බොරු බේගලයක් බවට දැන් කරුණු අනාවරණය වෙමින් පවතී.
ආරක්ෂක අංශ සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳෙවියන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී මිය ගොස් ඇත්තේ 11 පමණක් වන අතර ඉතිරි 16 දෙනාම ඝාතනය කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසිනි. ඒ බව ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කර සිටිමු.
අවසන් යාවත්කාලීන කිරීම 2012 නොවැම්බර් 13 වෙනි අඟහරුවාදා, 05:32
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සති දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ රහසි ගත සංචාරයක යෙදී තිබේ. එහිදී එරට ඉහළ රාජතාන්ත්‍රිකයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මුණ ගැසී ඇත. මෙම නිහඬ සංචාරය හා එහි අරමුණ පිළිබඳව ඉන්දියාව පවා විමසිල්ලෙන් පසුවෙයි.
අවසන් යාවත්කාලීන කිරීම 2012 නොවැම්බර් 04 වෙනි ඉරිදා, 15:02
මාතලේ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසින් දිගු කලක සිට පවත්වාගෙන ආ නීති විරෝධී ස්ප්‍රීතු ස්කාගාරයක් අතටම අල්ලා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී ඇති බව වාර්තා වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 05 වෙනි සිකුරාදා, 18:03
මීගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා විසින් රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් මීගමුවේ, කුඩාපාඩුවේ අක්කර 10 ක “උඩප්පුවත්ත’’ නැමැති ඉඩම වංචාසහගත ලෙස ජෙට්වින්ග් පෞද්ගලික සමාගමට විකුණා තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2012 සැප්තැම්බර් 04 වෙනි අඟහරුවාදා, 12:32
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සහකාරිය වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය කාරක සභාව (COPE) කමිටුව ඉදිරියට කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 25 වෙනි සෙනසුරාදා, 14:06
ඉදිරි දින කිහිපය තුළ දී ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එකතුවීමට නියමිත කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ (01) උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.