ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවලට සුළු හෝ වාසියක් වන කිසිදු තීන්දුවක් නොගන්නා ලෙසත්, ජවිපෙ වෘත්තීය සමිතිවල ඉල්ලීම් තුට්ටුවකට හෝ මායිම් නොකරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට දැනුම් දී තිබේ.
හිඟ වැටුප් ඉල්ලා ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මැතිවරණය අවසන් වන තෙක් කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වන්නැයිද ජනාධිපතිවරයා චම්පික රණවක අමාත්‍යවරයාට දැඩිව ප‍්‍රකාශ කර ඇත.
ඒ අනුව, විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය ජවිපෙ වෘත්තීය සමිතියට ආරාධනා නොකොට, අනෙකුත් වෘත්තීය සමිති කැඳවා හිඟ වැටුප් ජනවාරි වැටුපට එකතු කොට ලබාදෙන බවට එකඟත්වය පළ කර තිබේ.