Lanka News Web

කුඩුදුමින්දගේ ඉල්ලීම මත නේවි අසංග ඝාතනය කෙරේ

Share

පසුගිය 11 වන දා අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ මේ දක්වා රඳවාගෙන සිටි පාතාල සාමාජික ‘නේවි අසංඟ’ නැමැත්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා නොහොත් ‘කුඩුදුමින්ඳ මහතාගේ ඉල්ලීම මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඝාතනය කරනු ලැබ තිබේ. අත්අඩංගුවේ පසුවූ ‘නේවි අසංග’ මරාදමන ලෙස ‘කුඩු දුමින්ද’ මන්ත‍්‍රීවරයා දිගින් දිගටම බලපෑම් කළද නව පොලිස්පතිවරයා එයට එකඟ නොවූ බව අප මීට පෙර වාර්තා කළෙමු.

කෙසේ වුවද කොළඹ හා කොලොන්නාව ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මොහුව ඝාතනය කිරීමේ අවශ්‍යතාවය ‘කුඩුදුමින්ද’ මන්ත‍්‍රිවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත දිගින් දිගටම ඉල්ලා තිබිණ.

එම තත්ත්වය තුළ ‘නේවි අසංග’ ඉක්මනින් ඉවර කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා පොලිස් විශේෂ කාර්ය බලකායට නියෝග කර ඇත.

‘නේවි අසංග’ ඝාතනය කිරීමට අදාල සම්බන්ධීකරන කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාය.

සබැඳි පුවත් :
නේවි අසංග ඝාතනය කිරීමේ නියෝගය පොලිස්පතිවරයා තරයේ ප‍්‍රතික්ෂේප කරයි

Share

AddThis Social Bookmark Button