Lanka News Web

තැපැල් මුද්දර ජාවාරමක්

Share

තැපැල් හා ආදයම් මුද්දර නිකුත් කිරීමේ ප්‍රතිප්තියට පටහැනිව තැපැල් කටයුතු අමාත්‍යාංශය විසින් මුද්දර යක් මුද්‍රණය කිරීමට අවසර දී ඇති බව වාර්තාවෙයි.

මුද්දර මුද්‍රණය කිරීම සඳහා උපදේශක මණ්ඩලයේ ඇනුමැතියක් නොමැතිව තැපැල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම මුද්දරයට අවසරය දී ඇත.

'පියෝනි මල' නම් ශ්‍රී ලංකාවේ දක්නට නොලැඛෙන වෙනත් රටකට ආවේණික මල් වර්ගයක් මෙසේ මුද්‍රණයට අනුමැතිය දී ඇත.

මෙම මුද්‍රණය සිදු කරන්නේ රජයේ මුද්‍රණාලයේ නොවන අතර මෑන් රීපීන් නම් විදේශ ආයතනයක් මගින් ෆයාල් කමල්ඩීන් නැමති බි්‍රතාන්‍ය ජාතිකයෙකි.

මෙම මුද්‍රණය සඳහා රාජ්‍ය භාගය ලෙස ඩොලර් 7500ක් හා මුද්දර දස දහසක් දීමට අදාළ ආයතනය පොරොන්දු වී ඇත.

ඔවුන් මුද්‍රණය කරන මුද්දර ප්‍රමාණය ලෙස සඳහන් කර ඇත්තේ හැටදහසකි.

මේ පිළිබඳව මුද්දර උපදේශක මණ්ඩලයේ නිල සාමාජිකත්වය හොබවන තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ මෙම මුද්දරය සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියා පිළිවෙත තමන්ට අනුමත කළ නොහැකි බවයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට ඩොලර් 7500ක ප්‍රමාණය ලැබී ඇති නමුත් මුද්දර කිසිවක් ලැබී නැති බවයි. කොපමණ ප්‍රමාණයක් මුද්දර මුද්‍රණය කරනවාද හෝ මේ වනවිට මුද්දරය මුද්‍රණ කරඇත්ද යන්නවත් තමන් නොදන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

මුද්දර උපදේශක මණ්ඩලය සඳහා සෑම මුද්දරයක්ම යොමු කළ යුතු බවත් 'පියොනි මල' මුද්‍රණය කිරීමට අනුමැතිය ගැනීම සඳහා මණ්ඩලය වෙත ඉදිරිපත් නොවු බවත් තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

Share

AddThis Social Bookmark Button