Lanka News Web

ඇඹිලිපිටිය කඩදාසි කම්හල විකිණීමෙන් විලීට කෝටි 10 ක්

Share

‘සාටකවාදය’ ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර 30 ක කාලයක් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගමට (Perth Engineering & Maintenance) පැවරීම හරහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විලී ගමගේ මහතා රුපියල් කෝටි 10 ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බව ජනාධිපති කාර්යාලය වෙත වාර්තා වී තිබේ.

 

ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවැසූ පරිදි ඕස්ටේ‍්‍රලියානු සමාගමට ඇඹිලිපිටිය කඩදාසි කම්හල පැවරීමේ කොන්ත‍්‍රාත්තුව විලී ගමගේ මහතා වෙත ගෙනැවිත් ඇත්තේ කුප‍්‍රකට දේශපාලන චරිතයක් වන ෂර්මිලා ගෝනවල මහත්මිය විසිනි.

එක්සත් ජාතික පක්‍ෂයේ කි‍්‍රයාකාරී සාමාජිකාවකව සිටි ඇය එම පක්‍ෂයෙන් කිහිප වරක්ම කොළඹ නගර සභාවටද තරග කොට තිබේ. මිලින්ද මොරගොඩ මහතාගේ හිතවතියක වන ඇය, මොරගොඩ මහතා ආණ්ඩුවට එක්වීමෙන් පසු ආණ්ඩුවේ ප‍්‍රධානීන් සමග ව්‍යාපාරික ගනුදෙනු කරන ප‍්‍රධාන තැනැත්තියක් බවට පත් වී තිබේ.

කෙසේ වුවද ඇඹිලිපිටිය කඩදාසි කම්හල පවරා ගනු ලැබූ ඕස්ටේ‍්‍රලියානු සමාගම එම ක්‍ෂෙත‍්‍රය පිළිබඳ කිසිම අත්දැකීමක් නොමැති ආයතනයක් බවත්, එම ආයතනයේ ප‍්‍රධානියෙකු වන ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ශී‍්‍ර ලාංකිකයෙකු හරහා මෙම ගනුදෙනුව සිදුවී ඇති බවත් අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Share

AddThis Social Bookmark Button