Lanka News Web

‘සාටකවාදයේ’ ආර්ථික පිළිවෙතින් ආර්යාවගේ බෑනාට අක්කර 2,000 ක ඉඩමක් නොමිලේ

Share

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් ඇයගේ බෑනා කෙනෙකු වන ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතාට ති‍්‍රකුණාමලයේ ඉඩම් අක්කර 2,000 ක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

ඩිල්ෂාන් වික‍්‍රමසිංහ යනු ආර්යාවගේ සොහොයුරා වන නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ (ශී‍්‍ර ලංකන් එයාර් සභාපති) පුත‍්‍රයෙකි.

ශි‍්‍ර ලංකා ගේට්වේ ඉන්ඩස්ටී‍්‍රස් ප‍්‍රයිවට් ලිමිටඞ් (Sri Lanka Gateway Industries Pvt Ltd) ආයතනය විසින් සිදු කරන විශේෂ ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම පවරාදීමට කටයුතු කර තිබේ.

ඉඩමට අමතරව ති‍්‍රකුණාමල වරායේ ජැටියක්ද, ගබඩා සංකීර්ණයක්ද එම සමාගම වෙත ලබාදීම සඳහා ජනාධිපති ආර්යාව මැදිහත් වී ඇත.

මිචෙල් ගෲප් හෝල්ඩින් (Mitchell Group Holdings) සහ සල්වා කෝපරේෂන් - ඕස්ටේ‍්‍රලියා (Salwa Corporation - Australia) ආයතන මගින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ඇසට් හෝල්ඩින් (Asset Holdings) ආයතනයයි. එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වන්නේ ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතාය.

Share

AddThis Social Bookmark Button