| Share |

ශී‍්‍ර ලංකා යුද හමුදා මූලස්ථානය පවත්වාගෙන ගිය ගාලූ මුවදොර භූමියෙන් ඉඩම් අක්කර 07 ක් චීනයේ ‘කැතික්’ සමාගමට ලබාදීමට රජය ගෙන තිබූ තීරණය වෙනස් කර ගෙන ඇත්තේ එම ඉඩම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට හිතවත් විදේශ සමාගමට පැවරීම සඳහා බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
චීනයේ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ සමාගමක් වන ‘කැතික්’ සමාගමට ගාලූ මුවදොර මෙම ඉඩම හොටෙල් ව්‍යාපෘතියක් සඳහා පැවරීමට එකඟත්වය පළ කර තිබුණේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාය.
ඒ අනුව, එම සමාගම සමග ඇති කර ගත් එකඟතාවයන් මත ගාලූ මුවදොර අක්කර 07 ක ඉඩම් කොටසක් ඇමරිකානු ඩොලර් මිලියන 84 ක මුදලකට එම සමාගමට පවරාදීමට ශී‍්‍ර ලංකා රජය ගිවිසුම් අත්සන් කරනු ලැබීය. ඒ අනුව, ‘කැතික්’ සමාගම ඒ සඳහා ඇ.ඩො. මිලියන 54 ක් ගෙවා තිබේ.
එහෙත් රජයේ ඉඩම් විදේශීය සමාගම්වලට සින්නක්කරව ලබා නොදීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි සඳහන් කරමින්, ජනාධිපතිවරයා විසින් එම ඉඩම් ගිවිසුම ඒකපාර්ශ්විකව අවලංගු කරනු ලැබීය.
අනතුරුව එම ඉඩම 99 අවුරුදු බදු පදනමක් මත හෝ තම සමාගමේ ව්‍යාපෘතිය සඳහා ලබා දෙන ලෙස ‘කැතික්’ සමාගම කළ ඉල්ලීමද ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ. එහෙත් එම ඉඩම ‘කැතික්’ සමාගමට ලබා නොදෙන්නේ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට හිතවත් චීන සමාගමක් එම ඉඩම ඊට වැඩි මුදලකට ලබා ගැනීමට එකඟත්වය පළ කර තිබීම නිසා බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට මෙම ඉඩම් ගනුදෙනුව සම්බන්ධීකරණය කොට ඇත්තේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතාය.
බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා මැදිහත් වූ ‘කැතික්’ ඉඩම් ගනුදෙනුව ජනාධිපතිවරයා විසින් ඒකපාර්ශ්වක අහෝසි කරනු ලැබූවද, ගාලූ මුවදොර ඉඩම් අක්කර 10 ක් හොංකොංහි ‘සැන්ගි‍්‍රල්ලා’ සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 125 කට සින්නක්කරවම පවරාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
ගාලූ මුවදොර සහ හම්බන්තොට නගරයේ අති විශාල හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා ‘සැන්ගි‍්‍රල්ලා’ සමාගම මෙරටට ගෙන එනු ලැබූයේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසිනි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සහ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා මේ වනවිට ‘සැන්ගි‍්‍රල්ලා’ සමාගමේ නිල නොවන දේශීය නියෝජිතයන් ලෙස කටයුතු කරයි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












