| Share |
කම්කරු නීති උල්ලංඝනය කරමින් අයදුම්පත් ඉදිරිපත් කළ සමාගම් 04කට 2012 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිසිදු කිරීමේ සේවා සැපයීම සඳහා ටෙන්ඩර් ලබාදී ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය රේඛීය අමාත්‍යාංශය මගින් පාලනය වන රෝහල් 57ක පිරිසිදු කිරීමේ සේවා සඳහා රුපියල් මිලියන 300ක වටිනාකමකින් යුත් ටෙන්ඩර් මෙසේ ලබාදී ඇත. කම්කරු දෙපාර්තමේන්තුවේ ශ‍්‍රම ප‍්‍රමිති හා පඩිපාලක සභා පනත අනුව පිරිසිදු කිරීමේ සේවකයකුට පැය 12ක වැඩ මුරයක් සඳහා ලබාදිය යුතු අවම වැටුප රුපියල් 662.62කි. එහෙත් ටෙන්ඩර් ලබා දුන් සමාගම් 04 ඔවුන්ගේ අයදුම්පත්වල පැය 12ක් සඳහා සේවකයන්ට ලබාදෙන වැටුප ලෙස සටහන් කොට ඇත්තේ අනුමත වැටුපට වඩා අඩු මුදලකි.
එසේම ටෙන්ඩර් ඇගයීම් කමිටුව සඳහා වෙනත් සෑම අවස්ථාවකදීම සම්බන්ධවන සහ ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ කරගත යුතු කම්කරු අමාත්‍යාංශයේ නිලධාරියකු මෙම ටෙන්ඩර් ප‍්‍රදානයේදී සම්බන්ධ කරගෙන නොමැත.
මෙම ටෙන්ඩර් ලබාගැනීම සඳහා සමාගම් 15ක් අයදුම්කර ඇත්ත කම්කරු ප‍්‍රමිති නොසලකා හැර ඉදිරිපත් කළ සමාගම් 04කට අවස්ථාව ලබාදී ඇත.
විල්ෂයින්, අල්ට‍්‍රා ක්ලීන්, ටාර්ගට් හා අමිල නමැති සමාගම් 04ට රෝහල් 57 සඳහා පිරිසිදු කිරීමේ ටෙන්ඩර් ලබාදී ඇත.
ටෙන්ටර් අහිමි වී ගිය සමාගම් සියල්ලක්ම කම්කරු ඇමතිවරයාට හා සෞඛ්‍ය අමතිවරයාට මෙම නීති විරෝධී ටෙන්ඩර් ප‍්‍රදානය පිළිබඳව පැමිණිලි කර ඇත.
ටෙන්ඩර් ලබාදීමට නම් අයදුම්පතේ සඳහන් කළ යුතු අවම වැටුප් ප‍්‍රමාණය ඉහත සමාගම් 04ට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් රහසිගතව ලබාදී ඇති බවත් කම්කරු නිලධාරියකු සම්බන්ධ කර නොගැනීම හරහා මේ තුළ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවත් එම අයදුම්කරුවෝ චෝදනා කරති.
මේ පිළිබඳ සහකාර කම්කරු කොමසාරිස් කුමාරි ජයරත්න මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවිත‍්‍රතා කම්කරුවන්ට අවම චේතන නොගෙවන බවට පැමණිලි ලැබී ඇති බවත් පඩි පාලක සභා තීරණයන්ට අනුව සේවකයන්ට වැටුප් ගෙවන්නේදැ’යි සලකා බලන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ටෙන්ඩර් මණ්ඩලයේ අධ්‍යක්‍ෂ පාලිත මහීපාල මහතාගෙන්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් අංශයේ අධ්‍යක්‍ෂ රාජපක්‍ෂ මහත්මියගෙන්ද ජ්‍යෙෂ්ඨ ප‍්‍රසම්පාදන සහකාර ලේකම් මංගලා දයාරත්න මහත්මියගෙන්ද මේ පිළිබඳ විමසීමක් කළද ඔවුහු පිළිතුරු දීමෙන් වැළකී සිටියහ.
රාවය
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












