Lanka News Web

වරායේ ඇපය මත ලංකා බැංකුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට බිලියන 1.5ක්

Share

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ චීන සමාගමට ඒ සඳහා ගෙවිය යුතු හිඟමුදල් පියවීම සඳහා ලංකා බැංකුව විසින් ජනාධිපතිවරයාගේ නියෝගය මත රුපියල් බිලියන 1.5ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලබා දීමට එකඟත්වය පළ කොට තිබේ.

මෙම මුදල ලබා දීම සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ඇපකරු ලෙස ඉදිරිපත් වීමට එකඟවී ඇත.

හම්බන්තොට ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ චීන සමාගමට ඒ සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 02කට ආසන්න මුදලක් ලබා දීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පැහැර හැර තිබීම නිසා එම සමාගම හම්බන්තොට වරායේ ඉදිකිරීම් කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇතැයි අපගේ වෙබ් අඩවිය සැප්තැම්බර් 28 වැනිදා පළමුවරට වාර්තා කළේය.

හම්බන්තොට වරාය ඉදිකරුනු ලබන මෙම චීන සමාගම මෙම හිඟ මුදල ලැබෙන තෙක් හම්බන්තොට වරායේ ඉදිකිරීම් කටයුතු නවතා දමන බවට තර්ජනය කිරීමත් සමඟ කලබලයට පත් ජනාධිපතිවරයා මෙම මුදල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හරහා චීන සමාගමට ලබා දෙන ලෙස ලංකා බැංකු සභාපතිවරයාට නියෝග කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වන විට බංකොලොත් කර ඇති බැවින් එවැනි මුදලක් පියවීමට අපොහොසත් බව එහි ප‍්‍රධානීන් දැනුම් දීමෙන් පසු මෙම මුදල ලංකා බැංකුවට කොටස් වශයෙන් ගෙවීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරී සභාපති ප‍්‍රියාල් බන්දු වික‍්‍රමමුනි මහතා ජනාධිපතිවරයාගේ නියෝගය මත එකඟත්වය පළ කර තිබේ.

සබැඳි පුවත් -

හම්බන්තොට ක‍්‍රිකට් පිටිය සෑදු චීන සමාගමට පොලූ තියලා

Share

AddThis Social Bookmark Button