Lanka News Web

ආර්ථික සංවර්ධනයට විල්පත්තු වනයේ ගස් කපයි

Share

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ මොරඩවිල්ලූව හා තවුස්සමඩම් ප‍්‍රදේශයේ ගස් කොළන් කපා විනාශ කර දමා තිබේ. කෘෂි කර්ම ව්‍යාපෘතියක් සඳහා යැයි සිදු කරනු ලබන මෙම වන විනාශය අක්කර 245ක් පුරා සිදු කිරීමට සැලසුම් කර ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත රාජ්‍ය දැව සංස්ථාව විසින් මෙම ගස්කොළන් කැපීම සිදු කෙරේ. 2009 අංක 22 දරණ සංශෝධිත වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 09 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක ප‍්‍රමාණයක් පේ‍්‍රරක කලාපය ලෙස නම් කර තිබේ. එසේ නම් කර ඇත්තේ අදාළ රක්‍ෂිත ප‍්‍රදේශයට බාහිර බලපෑම් සිදුවීම වළක්වා ගැනීම සඳහාය.

මෙලෙස වෙන් කර ඇති පේ‍්‍රරක කලාපවලද ක‍්‍රියාත්මක විය යුතුව ඇත්තේ ජාතික වනෝද්‍යාන සම්බන්ධ පාරිසරික නීතියයි. එහෙත් මෙම අණපනත් උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන මෙම වන සංහාරය නිසා කුඹුක්, පළු, වීර වැනි විශාල ශාඛ විනාශ වී යමින් තිබේ. එසේම එළිපෙහෙලි කරනු ලබන මෙම භූමි ප‍්‍රදේශයන් අලි ගැවසුම් ප‍්‍රදේශයන් වන අතර, එම ප‍්‍රදේශය සංවර්ධන කටයුතු සිදු කිරීමත් සමඟ පේ‍්‍රරක කලාපයේ ජීවත් වූ අලි ඇතුන් මිනිසුන් ගැවසෙන කලා ඔය, වනාතවිල්ලූව ආදී ප‍්‍රදේශවල සංක‍්‍රමණය වීම අරඹා තිබේ.

Share

AddThis Social Bookmark Button