Lanka News Web

ආනන්දපුරම් පාසල් භූමියෙන් අමු සොහොනක් මතු වේ!

Share

යුද්ධයේ අවසන් මෙහෙයුම් පැවැති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය ආශ්‍රිත ගම්මානවල මිනිස් ඇටසැකිලි හා පිලිස්සූ මළ සිරුරු කොටස් මතු වීමට පටන් ගෙන තිබේ. යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ආනන්දපුරම් ගම්මානය වෙත ගිය දෙමළ ජනතාවට මෙම අත්දැකීමට මුහුණ පෑමට සිදු වී තිබේ.

ආනන්දපුරම් දෙමළ විද්‍යාලයේ ගොඩනැගිලි අතර හා සුන්බුන් වූ ගොඩනැගිලි තුල මෙලෙස ගොඩගැසූ ඇට සැකිලි මතු වී තිබේ. අවසන් යුධ ගැටුම් පැවති කාලයේ සිවිල් ජනතාව හමුදා පාලන ප්‍රදේශවලට පැමිණීම හා මුල්ලවයික්කාල් ප්‍රදේශය වෙත පසු බැසීමට යොදා ගනු ලැබුවේ මෙම පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයයි.

සිවිල් වැසියන් 40, 000 ක් පමණ එම අවස්ථාවේ ඝාතනයට ලක් වූ දෙමළ දේශපාලන පක්ෂ පැවසුව ද ආණ්ඩුව පැවසුවේ සිවිල් දෙමළ වැසියන් 8,000 ක් පමණ මිය ගිය බවයි. මෙලෙස ආනන්දපුරම් හි මතු වී ඇති සිය ගණනක ඇටසැකිලි සිවිල් ජනතාවට අයත් ඒවා දැයි විධිමත් පරීක්ෂණ සිදු කර නැත. වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ හමුදාව විසින් අත්පත්කරගෙන ඇති ප්‍රදේශ තුළ ද මියගිය සිවිල් වැසියන් ගේ සිරුරු වළ දමා ඇතැයි දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරයි.

Share

AddThis Social Bookmark Button