| Share |
හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර තිබූ දේශපාලන සම්බන්ධතාවය මේ වන විට දුරස් වී තිබේ. ටිරාන් අලස් මන්ත්‍රීවරයා සහ ෆොන්සේකා මහතා අතර මත ගැටුමක් ඇති වීමත් සමග මෙම තත්වය උදා වී තිබේ.
ජෙනරාල් ෆොන්සේකා සහ සජිත් ප්‍රේමදාස අතර යළි සබදතාවයක් ගොඩ නැගීමට ඔවුන් දෙදෙනාගේ න්‍යායචාර්යවරයා වන පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා බලවත් උත්සාහයක් දැරුව ද එය අසාර්ථක වී ඇත.
සජිත් වැනි අයෙකු සිටින සන්ධානයක හෝ පක්ෂයක නායකයා වනවාට වඩා රනිල් වැනි අයෙකු යටතේ කටයුතු කිරීම ගෞරණීය බව ෆොන්සේකා මහතා පසුගිය දා ප්‍රසිද්ධියේ පවසා ඇත. එජාපය හා අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ සමග එක්ව රාජපක්ෂ පාලනයට එරෙහිව පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට තමා පසුගිය කාලයේ බලවත් උත්සාහයක් දැරුව ද තමා සමග සිටි කිහිප දෙනෙකු ඊට බාධා කළ බවත් මේ වන විට එම බාධා ඉවත් වී ඇති බැවින් එවැනි විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩ නැගීම සඳහා විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ.
විපක්ෂයේ එවැනි පුළුල් පෙරමුණක නායකයා කවුරුන්ද යන්න තමාට වැදගත් නොවන බවත් නායකයෙකු අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයක් වැනි අවස්ථාවක හෙයින් ජනතාව නායකයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
එවැනි විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට පෙර තමා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියා පදිංචි කරවා ගැනීමට සරත් ෆොන්සේකා මහතා මේ වන විට බලවත් උත්සාහයක් දරමින් සිටී. තම පක්ෂය ලියාපදිංචි කිරීම වැලැක්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටින බව සරත් ෆොන්සේකා මහතා චෝදනා කරයි. අප වෙත වාර්තාවන පරිදි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්වීම සදහා ශ්‍රීලනිප හා එජාපයේ සිටි ප්‍රාදේශීය දේශපාලඥයින් කිහිප දෙනෙකුම දැනටමත් කැමැත්ත පළ කර තිබේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











