අම්පාර කණ්ඩායම් නායක හා එජාප ජාතික සංවිධායක දයා ගමගේ පැරදවීම සඳහා පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස නැගෙනහිර පළාත් සභා ඡන්ද ප‍්‍රචාරක වේදිකාවේදී ගත් උත්සාහය ව්‍යර්ථ වීම තුලින් ජාතික සංවිධායකයා මෙන්ම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ද කෙරෙහි තිබෙන ජනතා විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.
ප‍්‍රදේශයේ රැස්වීම් පවත්වමින් එජාප නියෝජ්‍ය නායකයා ජනතාවට කියා සිටියේ, චන්ද්‍රදාස ගලප්පත්ති, මෙත්තානන්ද හා තමින්ද යන අපේක්‍ෂකයින්ට ඡන්දය දෙන ලෙසටයි.
ඡන්දයෙන් දයා ගමගේ ජය ගැනීම යනු රනිල් වික‍්‍රමසිංහ ජය ගැනීමක් ලෙසත්, දයා ගමගේගේ පරාජය යනු සජිත් පේ‍්‍රමදාසගේ ජයග‍්‍රහණයක් ලෙසත් ඔහු එම රැස්වීම්වලදී නොකියා කියා සිටියේය. පක්‍ෂය වෙනුවෙන් නොව පුද්ගලයින් වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතුවල යෙදුණු එජාප නියෝජ්‍ය නායකයාගේ උත්සාහයන් නිසා එජාපයට කිසිදු සෙතක් නොසැලසුණ නමුත්, පක්‍ෂය ලබාගත් ඡන්ද වලින් සියයට 85.5ක ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයක් ගමගේ මහතා ලබාගැනීම තුලින් තහවුරු වන්නේ, ඔහු හා පක්‍ෂ නායකයා කෙරෙහි පවතින ජනතා පිළිගැනීම කිසිසේත්ම පළුදු වී නොමැති බව යැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ගමගේ මහතා අම්පාර ප‍්‍රදේශයට පමණක් නොව සමස්ත නැගෙනහිර පළාතටම මෙතෙක් සිදුකොට ඇති සේවය ඇගයීමට ලක් කර ඇති ජනතාව එම කාර්යභාරය ඔහුගෙන් ඉදිරියටත් ඉටු වනු දැකීම තමන්ගේ අපේක්‍ෂාව බව ඡන්ද ප‍්‍රතිඵලය මඟින් සහතික කොට ඇති බව දේශපාලන විශ්ලේෂකයින් වැඩිදුරටත් කියා සිටී.