| Share |

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයාට තමා පහර ගැසුවේ ජනාධිපතිරයා කරන ලද දැණුමක් මත බව කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පවසයි. ඊයේ (11) පෙරවරුවේ අමාත්‍යවරයෙකු කළ විමසීමේදී නගරාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත.
කඩුවෙල බස් නැවතුම් පොළ ඉදිකිරීම සඳහා මුල් ගල තැබීමේ උත්සවය අමතමින් කඩුවෙල නගරාධිපතිවරයා විමල් වීරවංශ අමාත්‍යවරයාට අභියෝගයක් කළ අතරම ඇමතිවරයා ද්‍රෝහියෙකු බව ද සඳහන් කලේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පරාජයට පත් වූයේ දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටින වීරවංශ ගේ දේශද්‍රෝහී ක්‍රියාවන් නිසා බව නගරාධිපතිවරයා පැවසීය. වීරවංශ මහතා අමාත්‍ය බලතල යොදා ගනිමින් ත්‍රිකුණාමලයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ බව සඳහන් කළ නගරාධිපතිවරයා, අමාත්‍ය ධූරයෙන් ඉවත් වී කඩුවෙල නගර සභාවට තරඟ කොට නගරාධිපති ධූරය දිනා පෙන්වන ලෙස ඇමතිවරයාට අභියෝග කලේය.
විමල් වීරවංශ මහතාගේ පපුවේ ජාතික කොඩිය ගසා ගෙන සිටිය ද ඔහු දේශද්‍රෝහියෙකු බව යලි සදහන් කළ නගරාධිපතිවරයා නැගෙනහිර මහ ඇමතිකම සම්බන්ධයෙන් මතු වී ඇති අවුලට මෙම දේශද්‍රෝහියා සම්පූර්ණයෙන්ම වගකිව යුතු යැයි ද සඳහන් කලේය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











