Lanka News Web

මැතිවරණ දිනයේදී නිදහස් හා සාධාරණ භාවයට පලපෑම් කරන ලද සිදුවීම් 62 – NEMIHR

Share

නියෝජිතයින් 108 දෙනෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 3247 ක පැවති 2012 උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම 2012.09.08 දින සවස 4.00 ටඅවසන් විය. අවසන් ප‍්‍රතිඵලය ට දැඩි ලෙස බලපෑම් කල හැකි බරපතල සිදුවීම් වාර්ථා නොවුවද, ස්ථානකිහිපය මැතිවරණයේ නිදහස් හා සාධාරණ භාවයට පලපෑම් කරන ලද සිදුවීම් කිහිපයක් මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය ( NEMIHR) වෙත වාර්ථා වී ඇත. එම සිදුවීම් වල සාරාංශය පහත පරිදි වේ.

01 පුද්ගල පහරදීම් හා තර්ජනය කිරීම                                                    07

02 ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම                                                      15

03 ඡන්ද පොල නියෝජිතයන්ට අනිසි බලපෑම් කිරීම                      02

04 ඡන්දපොල නියෝජිතයන් පලවා හැරීම                                               03

05 ඡන්දපොල අසල නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු                              30

06 රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් ඡුන්ද දායකයින් ප‍්‍රවාහනය       01

07 පොලිස් පක්‍ෂපාති ක‍්‍රියාකලාපය                                                          04

රත්නපුර දිස්ත‍්‍රික්කයේ නිවිතිගල දෑල මහ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය, රක්වාන පන්නිලකන්ද වත්ත, උලූදුවාවඅංක 97 ඡුන්ද මධ්‍යස්ථානය සහ අක්කරෙයි පත්තුව ගිජ්රා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ විපක්‍ෂ ඡන්දපොල නියෝජිතයින් පලවා හැරීම පිලිබඳව වාර්ථා වී ඇත.

අම්පාර අක්කරෙයි පත්තුව ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ ආධාරකරුවන් කිහිපදෙනෙකුට පහර දීම් සිදුවු බවත්, ලාහුගල හුලංනුගේ ප‍්‍රදේශයේදී සහ පොලොන්නරුව ප‍්‍රදේශයේදී ජ.වි.පෙ ආධාරකරුවන්ට කළ පහරදීමක් පිළිබඳවද වාර්ථා වී ඇත. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ අම්පාර අධාර කරුවකු වන උපාලි විජේරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේදී නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවද වාර්ථා වී ඇත.

නැගෙනහිර පලාතේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක මැතිවරණ රාජකාරි වල යෙදී සිටින නිලධාරීන් කිහිප දෙනෙකු මැතිවරණ නීතියට පටහැනි ලෙස කටයුතු කල අවස්ථා කිහිපයක් පිලිබඳ සිදුවීම් මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය වෙත වාර්ථා වූ අතර, මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඒවා නතර කිරීමට පියවර ගත් බව වාර්ථා විය.

ඡන්ද මධ්‍යස්ථාන අසල කුඩා කණ්ඩායම් ලෙස රැදී සිටිමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල යෙදීම,ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පාක්‍ෂිකයන්ට තර්ජනය කොට පලවා හැරීම්, පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඇලහැර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ ආදී ප‍්‍රදේශ වල ආයුධ සන්නද්ධ කණ්ඩායම් සැරිසරමින් ඡන්දය දීමට එන ඡන්දදායකයින්ට බලපෑම් කිරීම ආදී සිදුවීම් කිහිපයක් මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයට ( NEMIHR) වෙත වාර්ථා වී ඇත.

උතුරු මැද සහ සබරගමු පළාත්වලට සාපේක්‍ෂව නැගෙනහිර පලාතින් ඡන්ද ප‍්‍රකාශ කිරීම පහල මට්ටමකපැවතීම සහ අනෙකුත් පළාත් දෙකට සාපේක්‍ෂව නැගෙනහිර පලාතේ විශේෂයෙන් මඩකලපුව, එරාවූර්,කාත්තන්කුඩි ප‍්‍රදේශ වලද අම්පාර අක්කරෙයිපත්තු ප‍්‍රදේශයේද මැතිවරණයට සම්බන්ධ ප‍්‍රචන්ඩ ක‍්‍රියා ඉහලින්ම කැපී පෙනෙන සිදුවීමකි.

සමස්ථයක් ලෙස මැතිවරණ දිනය තුල සිදුවීම් සාපේක්‍ෂව අඩු ප‍්‍රමාණයක් වුවද පූර්ව මැතිවරණ ක‍්‍රියා වලියේදී රාජ්‍ය දේපල, රාජ්‍ය සම්පත් අවභාවිතය, රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම්, මහජන මතයට අනිසි බලපෑම් ඇතිකිරීම්, ආදී සිදුවීම් සහ පූර්ව මැතිවරණ අවධියේ රාජ්‍ය මාධ්‍යවල ක‍්‍රියා කලාපය හේතුවෙන් 2012 උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවූ බව මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ ( NEMIHR) අදහසයි.

ආචාර්ය උදිත ගුණසේකර

ප‍්‍රධාන විධායක( NEMIHR)

2012.09 .08

සම්බන්ධීකරණය

Share

AddThis Social Bookmark Button