| Share |
ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා, ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා, දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක සහෝදරයා සහභාගි වූ 2012.09.09 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ටිල්වින් සිල්වා සහෝදරයාගේ අදහස්.
ගිනි පෙට්ටියේ සිට වතුර මෝටර් තහඩු දක්වා ජනතාවට අල්ලස් ලබාදෙමින් ජනාධිපතිවරයා ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් අතුලූ ආණ්ඩු බලය, පළාත් පාලන ආයතනවල බලය වගේම රාජ්‍ය මාධ්‍ය වගේම සියලූ මාධ්‍යවල අවස්ථාව ලබාගනිමින් මේ පළාත් සභා මැතිවරණය පවත්වමින් එක්සත් ජනතා නිදහස් සන්දානය දිනුවා. රාජ්‍ය බලය උපරිම වශයෙන් යොදා ගනිමින් ජනතාව නොඉල්ලූ මැතිවරණයක් ලබාදී බලය කොල්ල කෑමට උත්සාහ කරන බව අපි මුලදිම ජනතාවට පැහැදිලි කළා.
අතීතයේදී ආණ්ඩුව ඡුන්දවලින් දිනලා ජනතාවට කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබුණා වගේම හෙට සිට ජනතාවට කිසිදු ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු සේවාවන් කප්පාදුව දිගටම සිදුකරනවා. බඩු මිල ඉහළ දමනවා. ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. මේ වෙනුවෙන් මහජන මුදල් නාස්තිය සහ වංචාව දූෂණය පෙර පරිදිම යොදාගන්නවා. ඒ වෙනුවට ඇමතිවරුන්ගේ ඡන්දය ඉල්ලූ ඥාතීන්ට වගේම හිතවතුන්ට මහජනතාවගේ ධනය වැයකරමින් විවිධ වරප‍්‍රසාද ලබාදෙනවා.
ඡන්දය භාවිතා කිරීමේදී මහජනතාව මේ පිළිබඳව කල්පනා කළ යුතුව තිබුණා. නමුත් විවිධ හේතු නිසා ඔවුන් මේ බව කල්පනා කළේ නැහැ. කුමන අරමුණු ඇතිව ආණ්ඩුවට ඡන්දය දුන්නත් හෙට සිට සිදුවන්නේ ආණ්ඩුවට ඡන්දය දුන්, නොදුන් කාටත් තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට වගේම අයිතිවාසිකම් රැකගැනීමට මහපාරට බැස උද්ඝෝෂණය කිරීමටයි. ඒ වගේ තම සාධාරණ අයිතීන් දිනාගැනීමට කරන උද්ඝෝෂණවලට හැමදාමත් වගේම ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙනවා. මේ මැතිවරණ ප‍්‍රතිඵලය ඒ ජනතා සටන්වලට නායකත්වය දීමට කිසිසේත්ම බාධාවක් නොවෙයි. මැතිවරණවලට ඉදිරිපත්වීම ජනතාව විමුක්ති පෙරමුණේ එක කි‍්‍රයාමාර්ගයක් පමණයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවාදී පක්ෂයක් නෙවෙයි. මැතිවරණවලින් පලායන පක්ෂයකුත් නෙවෙයි. කුමන දුෂ්කරතා හා අභියෝග තිබුණත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ජයග‍්‍රහණය කරවීමට මැතිවරණ යොදාගැනීම ජවිපෙ කි‍්‍රයාමාර්ගයයි.
පසුගිය පළාත් සභාවලට සාපේක්ෂව ජවිපෙ ඡන්ද ප‍්‍රමාණය අඩුබව අපි පිළිගන්නවා. නමුත් අපි අවධාරණය කරන්නේ ඒ තත්වය කිසිසේත්ම ජනතාවගේ සටන්වලට නායකත්වය දීමට අපිට බාධාවක් නොවන බවයි. ඡුන්දයට ලබාදුන් උදලූතල, ටකරන් තහඩු හෙට සිට මළකඩ කන්න පටන් ගන්නවා. ඒ අතරතුර වගාහානී වෙනුවෙන් වන්දි ඉල්ලා ගොවීන්ගේ සටන් ඇවිලෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන් ඉදිරියටම යනවා. ආණ්ඩුව පාසල් වසා දමමින් තිබෙනවා. විශ්වවිද්‍යාලවලට තේරුණ ශිෂ්‍යන්ගේ ප‍්‍රශ්න විසඳාගැනීමට අරගල කළ යුතුව තිබෙනවා. උපාධිධාරීන්ට රැුකියාලබාගැනීමට අරගල කළ යුතුව තිබෙනවා. ආණ්ඩුව ඡුන්දය දිනුවා කියලා මේ කිසිම ප‍්‍රශ්නයකට විසඳුම් ලැබෙන්නේ නැහැ.
පළාත් සභා මැතිවරණය පදනම් කරගනිමින් බිම් මට්ටම දක්වා ජනහමු පවත්වමින් ජනතාව සමග ලොකු සංවාදයක් කිරීමට ජවිපෙ සමත් වුණා. ඔවුන්ට දේශපාලන දැනුම ලබාදුන්නා. රටේ ආර්ථිකය කඩාවැටීම, සමාජ සංස්කෘතික පරිහානිය, අපරාධ වැඩිවීම වගේ තත්වයන් ගැන ජනතාව සමග පුළුල් ලෙස සාකච්ඡා කළා. මැතිවරණය පැවැති දිස්ති‍්‍රක්කවල අපි මේ සාකච්ඡුාව ඉදිරියටත් ගෙනයෑමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් අපි ඉක්මනින්ම සකස් කරනවා. ජනතාවගේ ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබාදිය හැක්කේ පවතින මේ ධනපති පාලන ක‍්‍රමය වෙනස් කිරීමෙන් පමණක් බව අපි අවධාරණයෙන් කියා සිටිනවා. ජනතාව පවතින යථාර්තය තේරුම් ගන්න බව අපට විශ්වාසයි. ජනතාවගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරමින් නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී වගේම අදත් හෙටත් සූදානම්. මේ ඡන්ද ප‍්‍රතිඵල වලින් ආණ්ඩුව සහ ආණ්ඩුවේ කීපදෙනෙක් සතුටුවන බව අපි දන්නවා. නමුත් සමස්ත ජනතාවකට බලපාන ප‍්‍රශ්න වෙනුවෙන් සාධාරණ උත්තර ලබාගැනීමට ඔවුන් කරමින් සිටින අරගලවලට නිවැරදි නායකත්වයක් ලබාදීමට ආණ්ඩුවේ සතුටට පත්වූ කිහිපදෙනගේ ජයග‍්‍රහණය බලපාන්නේ නෑ. මහජනතාවගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සටන් කරන ජනතා විමුක්ති පෙරමුණ ඒ ජනතා ජයග‍්‍රහණය දක්වාම කි‍්‍රයාකරන බව අපි සහතික වෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්....
ආණ්ඩුව මේ මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට විවිධ උපක‍්‍රම භාවිතා කළා. ජාතිවාදය සහ කුලවාදය වගේ පහත් පෙළේ කි‍්‍රයාමාර්ග අනුගමනය කළා. සමාජය බරපතල අනතුරකට ලක්කරන එවැනි කි‍්‍රයාමාර්ග කිසිවක් ජතා විමුක්ති පෙරමුණ අනුගමනය කළේ නැහැ. ඒක අපේ ප‍්‍රතිත්තිය නෙවෙයි. ජනතාවට පවතින තත්වය පිළිබඳ සත්‍ය කරුණු හෙළිකිරීමත් අනාගතයේ ඇතිවිය හැකි තත්වයන් අවබෝධ කර දීමත් අපි අනුගමනය කළා. මේ තත්වය අද තේරුම් නොගත්තාට හෙට තෙරුම්ගන්න බව අපි දන්නවා.
පක්ෂයෙන් කණ්ඩායමක් කැඞී ඉවත්වීම ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට බලපෑම් ඇති වන බව අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්ද අඩුවීමට ඒ තත්වය විතරක් බලපෑවා කියා අපි පිළිගන්නේ නැහැ. 1971 සිට විවිධ අභියෝග සහ මර්දනයන්ට අපේ පක්ෂය මුහුණ දුන්නා. 1983 පක්ෂ තහනම වගේම 88-89 කාලයේ රෝහණ සහෝදරයා ඇතුළු නායකයන් ඝාතනය කර පක්ෂය විනාශ කිරීමට ඇතමුන් උත්සාහ කළා. නමුත් ඒ සියලූ ප‍්‍රයත්නයන් අසාර්ථක වුණා. මේ ඡුන්ද අඩුවීමක් මගින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන අවසන් වේ යැයි කෙනෙක් කල්පනා කරනවා නම් ඒක ඒ තරම් නුවණක්කාර දෙයක් යැයි අපි හිතන්නේ නැහැ. 1965 සිට 81 දක්වා අපි මේ රටේ දේශපාලන කළේ මැතිවරණ එක්ක නෙවෙයි.
කිසිම ආණ්ඩුවක් සදාකාලික නැහැ. ජනතා ප‍්‍රශ්නවලට උත්තර නැත්නම් ඡන්දය දිනුවා කියලා වැඩක් නැහැ. අවුරුදු 17ක් එකදිගට රට පාලනය කළ එජාපයට සිදුවුණු දේ අප දන්නවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මෑත උදාහරණ අපට මතකයි. ඡන්දය දිනුවත් ජනතා නැගිටීම්වලින් ආණ්ඩු වෙනස් කරපු හැටි අපි ටියුනීසියාවේදී දැක්කා. එරට පාලනය කළ බෙන් අලී ජනතා නැගිටීම් හමුවේ පරාජයට පත්කළා. ඒ වගේම ඊජිප්තුවේ හොස්නි මුබාරක් ඡුන්දවලින් දිනුවා කියූ නායකයෙක්. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා නැගිටීම්වලින් බලයෙන් පහකර අද විසි අවුරුදු සිරදඩුවමක් ලබනවා. ඒ නිසා ජවිපෙට කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ.
තිස් අවුරුදු යුද්ධය අවසන්වීමෙන් පසු ජනතා ප‍්‍රශ්නවලට විසඳුම් ලබානොදුන් ආණ්ඩුව විශේෂයෙන් නැගෙනහිර පළාතේ මේ මැතිවරණය තුළින් නැවත ජාතිවාදී නැගිටීම්වලට නැගෙනහිර පළාතේදී පුළුල් ඉඩකඩක් ලබාදුන්නා. නැගෙනහිරදී ආණ්ඩුවේ ඡන්දය ගියවරට වඩා ලක්ෂයකින් පමණ අඩුවුණා.
මැතිවරණ කොමසාරිස්වරයා මැදිහත්වී ඇතැම් නීති විරෝධී කි‍්‍රයා නැවැත්වීමට කටයුතු කළ බව ඇත්ත. නමුත් ආණ්ඩුවේ සියලූ රාජ්‍ය බලය යොදමින් කරගෙන ගිය නීති විරෝධී කි‍්‍රයා සාතිශය බහුතරය නැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නොහැකිවුණා. උතුරු මැද හිටපු මහ ඇමති වාහන තිස් ගණනක් යොදාගෙන මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑම උදාහරණයක්. මීට එරෙහිව අධිකරණයේ නඩුවක් පවා ගොනුකරනු ලැබුවා. නමුත් එම අධිකරණයට නඩුව විභාග කළ නොහැකි නිසා ඉවත දැම්මා. රාජ්‍ය මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට කිසිවක් කළ නොහැකිවුණා. මේ තත්වයන් පිළිබඳව ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු බව අපි අවධාරණය කරනවා.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ,
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











