| Share |
කැෆේ පැෆරල් සංවිධාන වෙතින් එකාබද්ධ ඉල්ලීමක් - 2012 සැප්තෑම්බර් 7 දින රාත‍්‍රී 9.00 ට පමණ මැතිවරණ කොමසාරිස්තුමා හමුවූ කැෆේ සහ පැෆරල් සංවිධානයන් හි විධායක අධ්‍යක්‍ෂකවරුන් අක්කරේපත්තු, ඔට්ටමාවඩි, වාලච්චේන, මීරාවොඩෙයි, මාන්චෝලෙයි, කාවච්චිමුනෙයි ප‍්‍රදේශ වෙත විශේෂ කාර්ය බලකාය සහ අතිරේක පොලිස් භටයින් යෙදවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
මැතිවරණ කොමසාරිස්වරයා මගින් පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් සිදු කරමින් කැෆේ සහ පැෆරල් සංවිධාන මෙම ඉල්ලීම කළේය.
නැගෙනහිර පළාතේ ස්ථාන ගණනාවක ඇති වූ සිදුවීම් පිළිබඳ මැතිවරණ කොමසාරිවරයා සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටින අතර එම ස්ථානය වෙත ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද පැමිණියේය. අමාත්‍යවරයා ද ඉල්ලා සිටියේ වහා අතිරේක පොලිස් නිලධාරීන් මෙම ප‍්‍රදේශ වෙත යොමු කරන ලෙසය.
අද සවස එක් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමක් සහ රථයකට පහරදීමක් පිළිබඳ සිදුවීම් තුනක් වාලච්චේන ප‍්‍රදේශයෙන් වාර්තා විය.
අද සවස් කාලයේ සිට මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශයන් හි ස්ථාන ගණනාවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයින් සහ මුස්ලිම් කොන්ග‍්‍රස් අපේක්‍ෂකයින් ගේ ආධාරකරුවන් නිවසින් නිවසට මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කරනු දක්නට ලැබුණි. අද රාත‍්‍රී 9 ට පමණ ද එරාවූර් කාටු පල්ලිය පාරේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු විය.
අද සවස අක්කරේපත්තු, ඔට්ටමාවඩි, වාලච්චේන ප‍්‍රදේශයන් හා මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා වාර්තා වී තිබුණි. ජනතාව තුල බිය මානසික්තවයක් ඇති කිරීම මෙම ප‍්‍රහාරයන් ගේ අරමුණ වී තිබුණි.
කැෆේ සංවිධානය එම ප‍්‍රදේශවෙත විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස ඉල්ලා සිටියේ ඉතාමත් සැලසුම් සහගත අන්දමින් බිය ගැන්විමේ ක‍්‍රියාවලියක් එම ප‍්‍රදේශයන් හි කි‍්‍රයාත්මක වන බැවිනි.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශය වෙත ද මේ වන විට අතිරේක පොලිස් නිලධාරීන් යොමු කොට ඇත.
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්‍ෂ/කැෆේ 2012.09.07
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











