Lanka News Web

නැගෙනහිර මැතිවරණය; ඩිපෙන්ඩර් 100ක් අම්පාර අවට සැරිසරයි

Share

අම්පාර ප්‍රදෙශයේ ඩිෆෙන්ඩර් රථ 100කට අධික ප්‍රමාණයක් තැන තැන සංචාරය කරමින් තිබුනද පොලිස් ආරක්ෂාව යටතේ මේ මොහොත වන විට ඉතා සාමකාමිව ඡන්දය පැවැත්වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර අපේක්ෂක දයා ගමගේ මහතා සදහන් කළේය.

මීට අමතරව මෙවැනිම ජීප් රථ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන අසල ගැවෙසෙමින් තිබෙන බවද ඇතැම් වාහන බව අංකය පෙනෙන සේ ඡන්ද මධ්‍යස්ථාන අසල නවතා තිබෙන බවද වාර්තා වෙයි.

මැතිවරණ නිරීක්ෂකයෝ STF ආරක්ෂාව ඉල්ලයි

නැගෙනහිර පළාතේ අක්කරෙයිපත්තු, වාලච්චේන සහ ඔට්ටමාවඩි යන ප‍්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්නැයි මැතිවරණ නිරික්‍ෂණ සංවිධාන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඊයේ රාත‍්‍රීයේ ඇති වු සිද්ධින් කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කළ බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසුවේ. එම ප‍්‍රදේශවල ඊයේ රාත‍්‍රීයේ ද සිද්ධින් කිහිපයක් වාර්තාවී ඇති අතර පුද්ගල පහරදීම් 02 ක් ද සිදුවී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 10ක් වාර්තා‍ වෙයි

පළාත් සභා මැතිවරණයට අදාළව අද (08) දිනය තුළ මේ දක්වා පැමිණිලි 10 ක් පමණ ලැබී ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

කෙසේ වෙතත් අදාළ පැමිණිලි අතර බරපතළ සිද්ධීන් කිසිවක් වාර්තා නොවන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ජන්ද මධ්‍යස්ථාන අසල අත්පත‍්‍රිකා බෙදීම්, මනාප අංක ප‍්‍රදර්ශනය කිරීම් ආදී සුළු සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව හෙතෙම කියා සිටියේය.

නැගෙනහිර පළාත් සභාව සඳහා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු අපේක්ෂකත්වයෙන් ඉවත් වූ බවට සඳහන් ව්‍යාජ පෝස්ටරයක් කිසියම් පිරිසක් විසින් අලවා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ද රෝහණ හෙට්ටිආරචිචි මහතා කියා සිටියේය.

සමස්ථයක් ලෙස මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව ඔහු පැවසුවේය.

පළාත් සභා මන්ත්‍රීවරුන් 108ක් තෝරා ගැනීමට අපේක්ෂකයින් 3073ක්

නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව යන පළාත් සභා මන්ත්‍රීවරුන් 108 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා අපේක්ෂකයින් 3073 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දේශපාලන පක්ෂ අපේක්ෂකයින් 1619 දෙනෙකු සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් 1454 දෙනෙක් වෙති.

මෙම මැතිවරණය හෙට (08) පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින අතර මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුරය, කෑගල්ල යන දිස්ත්‍රික්ක හත ‍මෙම පළාත් සභා මැතිවරණ බලප්‍රදේශවලට අයත් වේ.


නැගෙනහිර මැතිවරණය 13 ; මඩකලපුවේ ඡන්ද මධ්‍යස්ථානභාර නිළධාරීන් ආපසු හරවා යවයි

නැගෙනහිර මැතිවරණය 12; අක්කෙරෙයිපත්තුව තවත් කොලොන්නාවක් විය හැකියි

නැගෙනහිර මැතිවරණය 11 ; කෙසේ හෝ දිනන්න, බැසිල් කොළඹින් පිරිස් ත්‍රිකුණාමලයට කැඳවයි

නැගෙනහිර මැතිවරණය 10 : හමුදාවෙන් සහ පිල්ලයාන්ගෙන් ඡන්ද දායකයන්ට බලපෑම්

නැගෙනහිර මැතිවරණය 9 : මිලිටරි යාන්ත්‍රණය සාධාරණ මැතිවරණයකට බාධාවක්

නැගෙනහිර මැතිවරණය 8: මර්ධනයේ සෙවැනැළි සතරඅත

නැගෙනහිර මැතිවරණය 7 : ඉඩම් පොලිස්‌ හා යුක්‌තිය ලබාගත හැකි මහ ඇමැතිවරයකු නැගෙනහිරට අවශ්‍යයි

නැගෙනහිර මැතිවරණය 6: සන්නද්ධ කණ්ඩායම් මැතිවරණයට බාධාවක්, මැ.කෝ. ගවේශණ දූත කණ්ඩායමක් යවයි

නැගෙනහිර මැතිවරණය 5 ; මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කරයි

නැගෙනහිර මැතිවරණය 4 ; දේශපාලන විසඳුමක් වෙනුවෙන් යොදාගමු

නැගෙනහිර මැතිවරණය 3; දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමලයට නාමයෝජනා භාරදෙයි

නැගෙනහිර මැතිවරණය 2; උතුර නැගෙනහිර නැවත ඒකාබද්ද කිරීමට කටයුතු කරනවා - අඩයිකලනාදන්

නැගෙනහිර මැතිවරණය 1 ; රාජපක්ෂ රජය, නැගෙනහිර ඡන්දය කොල්ලකෑමට සූදානම් වෙති

-Yukthiya-

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 සැප්තැම්බර් 08 වෙනි සෙනසුරාදා, 09:24