| Share |
ජාතික නාලිකාවේ විකාශය කිරීමට සුදුසු ටෙලි නාට්‍ය තේරීමේ මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලද ටෙලි නාට්‍ය දේශපාලන බලය යොදා විකාශය කිරීම යළිත් වරක් ඇරඹී ඇති බව ජාතික රූපවාහිනියේ සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඕස්ට්‍රේලියාවේ හෝටලයකින් බිමට ඇද වැටී අනතුරකට ලක් වී එහි සිටි කාලය අතර තුර රූපවාහිනී සංස්ථාවේ නව සභාපති මොහාන් සමරනායක මහතා විසින් මෙම දේශපාලන අත පෙවීම් වලට ඉඩක් ලබා නොදුන්න ද, කෙහෙළිය යළි දිවයිනට ලගා වීමෙන් පසු එම ක්‍රියාදාමය යළි ඇරඹී තිබේ.
ඇමතිවරයා වෙනුවෙන් මෙකී කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඔහු විසින් ජාතික රූපවාහිනියට පත් කර සිටින ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ය. මේ වන විට සිකුරාදා රාත්‍රියේ විකාශනය වන “වල්මත්වූවෝ’’ ටෙලි නාට්‍ය එසේ දේශපාලන බලය යොදා විකාශනය කර වූවක් බව ඉහත කී ආරංචි මාර්ග අප වෙත පැවසීය.
එම ටෙලි නාට්‍ය යේ රූප බොඳවී තිබීම නිසා ටෙලි නාට්‍ය තේරීමේ මණ්ඩලය විසින් එය ප්‍රතික්ෂේප කළ නමුත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නියෝගය මත එම ටෙලි නාට්‍ය මේ දිනවල විකාශනය කිරීමට තිබේ. මෙම ටෙලිනාට්‍ය යේ සංස්කාරක හා එහි නිෂ්පාදකවරයා රූපවාහිනී තේරීම් මණ්ඩලයට දන්වා ඇත්තේ මෙසේ රූප බොඳවී තිබීම මෙම නාට්‍ය පුරාවට “දෘශ්‍ය ප්‍රයෝගයක් ’’ලෙස දක්වා ඇති බවයි. ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ රූපවාහිනී සංස්කාරකවරයෙකු පවසා සිටියේ දෘශ්‍ය ප්‍රයෝග තිබිය යුත්තේ කථාවේ තේමාවට අදාලව මිස නාට්‍ය පුරාවටම නොවන බවයි. මෙය අඩු මිළකට ආධුනික කැමරා කරුවන් යොදා ගැනීමේ ප්‍රතිඵලයක් මිස වෙන දෙයක් නොවන බව ඔහු අවධාරණය කර සිටියේය.
කෙහෙළිය ඇමතිවරයා ටෙලි නිලියන්ගේ ශරීර සහ රුපියල් ලක්ෂ 10 බැගින් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන්ගෙන් අල්ලස් ලබා ගන්නා බවත් අනතුරුව තම දේශපාලන බලය යොදා ප්‍රමිතියෙන් තොර බාල ටෙලි නාට්‍ය විකාශනය කරන බවත් එම රූපවාහිනියේ සංස්කාරකවරයා වැඩි දුරටත් පැවසීය. ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයාට අමතරව ජනප්‍රිය නිලියන් දෙදෙනෙකු වන ජානකී විජේරත්න සහ නදීෂා හේමමාලි අමාත්‍යවරයාට අවශ්‍ය ඉහත අංගයන් දෙක සම්බන්ධීකරණය කරන බව ජාතික නාලිකාව තුල ප්‍රසිද්ධ රහසක් බව අවසන් වශයෙන් කියා සිටියේය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
