| Share |

වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමෙන් දෙදෙනෙකු මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව ගිය සතියේ ගාල්ල බන්ධනාගාරයේ තවත් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් තිබේ. මෙහි ප්‍රථිඵලයක් ලෙස එක් රැඳවියෙකු කෝමා තත්වයට පත්ව ඇති අතර තවත් රැඳවියන් පිරිසක් සැක කටයුතු ලෙස තුවාල ලබා තිබේ.
කෝමා තත්වයට පත්ව ඇති රැඳවියා අවුරුදු 34 ක් වයසැති සතීස් කුමාර් ලෙස හදුනාගෙන ඇත. ඔහු දස හැවිරිදි දියණියකගේ පියෙකි. 2008 දී කොඩිකාමම් වල පිහිටි ඔහුගේ නිවසින් ශ්‍රී ලංකා හමුදාව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා පොලීසියට භාර දී තිබේ. ඉන් අනතුරුව මේ වන තුරු ඔහුට කිසිදු චෝදනාවක් ගොනුකර නැති අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා තබා තිබේ. පසුගිය අගෝස්තු 21 වන දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයෙන් ගාල්ල බන්ධනාගාරයට මාරු කර යවා ඇත.
සතීවරන්ගේ බිරිඳ වන කවිතා සහ දියණිය වන දස හැවිරිදි සහිත්‍යා සතීස්වරන් බැලීම සදහා පසුගිය දා කොළඹ නව මැගසින් බන්ධනාගාරයට පැමිණි පසු එහි නිලධාරීන් ඔහු ගාල්ල බන්ධනාගාරයට මාරුකර ඇති බව දැනුම් දී තිබේ. ඒ අනුව ඇය ගාල්ල බන්ධනාගාරයට ගිය පසු ඇයට දැක ගැනීමට හැකිව ඇත්තේ ගාල්ල කරාපිටිය රෝහලේ කෝමා තත්වයේ පසුවන තම ස්වාමියා ය.
ශ්‍රී ලංකා බන්ධනාගාර බලධාරීන් ගාල්ල බන්ධනාගාරයේදී කවිතාගෙන් සිංහලෙන් ලියන ලද ලියවිල්ලකට අත්සන් ගැනීමට උත්සාහ දරා ඇත. ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
සතීස්වරන්ගේ හිසෙහි දරුණු තුවාල මෙන්ම සිරුරෙහි තවත් තුවාල දක්නට ලැබෙන බවත් වාර්තා වන අතර ඒ මගින් ගම්‍ය වන්නේ මාරාන්තික වද බන්ධනයන්ට ඔහුව ලක් කර ඇති බවයි.
මේ අතර තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා බන්ධනාගාර බලධාරීන් තුවාල ලබා ඇති අනෙකුත් රැඳවියන්ට ප්‍රතිකාර කිරීමෙන් වැලකී සිටින බවයි.
- ටැමිල් නෙට් ඇසුරෙන් -
http://tamilnet.com/art.html?catid=13&artid=35503
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











