Lanka News Web

මත් පැන් හදන්න නීති විරෝධීව ගෙනා ස්ප්‍රීතු තොගයක් අල්ලයි!

Share

රන්දෙනිගල ඩිස්ටලරීස් ආයතනය විසින් නීති විරෝධීව මෙරටට ගෙන එනු ලැබූ ස්ප්‍රීතු බැරල් තොගයක් ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම්‍ බදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාල පරීක්ෂණ වහා අත්හිටවන්නැයි ඉහළම දේශපාලන බලපෑම් අදාල දෙපාර්තමේන්තුව වෙත එල්ල වී ඇති බව වාර්තා වේ.

 

ඕඩිකොලෝන් නිෂ්පාදනයට යැයි පවසා මෙම ස්ප්‍රීතු තොගය පිටරටින් ගෙන්වා ඇත්තේ මත් පැන් නිශ්පාදනය සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලදී හෙලි වී ඇත.

ව්‍යාජ ගිණුම් ඉදිරිපත් කොට මෙසේ ගෙන්වූ ස්ප්‍රිතු තොගයෙන් රුපියල් කෝටි ගණනක බදු වංචාවක් කොට ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

රන්දෙනිගල ඩිස්ටලරීස් ආයතනයට මත් පැන් නිෂ්පාදනය කිරීම සඳහා කෝට්ටේ හිටපු නගරාධිපති දිවංගත චන්ද්‍රා සිල්වා මහතාගේ අනුග්‍රහය යටතේ ය. චන්ද්‍රා සිල්වා මහතාගේ රියදුරු වන විජය වික්‍රම නැමැත්තාට මෙම බලපත්‍රය හිමි වන අතර ඔහු පසුව චන්ද්‍රා සිල්වා මහතාගේ නැගනිය සමග විවාහ වී ඇත.

ඕඩිකොලෝන් නිශ්පාදනය සඳහා යැයි කියමින් මත්පැන් නිෂ්පාදනය කිරීමට වාර්ෂිකව ස්ප්‍රීතු බැරල් තොග ගණන් මෙරටට ගෙන්වන අතර එයින් රජයට රුපියල් බිලියන ගණනක ආදායම් අහිමි වන බව ඉහත නිලධාරියා අප වෙත වැඩිදුරටත් පැවසීය.

ඕඩිකොලෝන් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා ඉතා අඩු තීරු බදු ගාස්තුවක් යටතේ මෙරටට ස්ප්‍රිතු ගෙන්වීමට අනුමැතිය දී ඇති අතර මෙරටට නිෂ්පාදනය කරන ස්ප්‍රිතුවකට රජය ඉතා ඉහළ බදු මුදලක් අය කරයි. මෙම ස්ප්‍රීතු මගඩියට සම්බන්ධ වී සිටින්නේ ඉහළම දේශපාලඥයින්ගේ හිතවතුන් ය.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 27 වෙනි සදුදා, 09:07