| Share |

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රග්බි පුහුණුකරු මෙන්ම කෝටිපති ජාවාරම්කරුවෙකු වන අසංග සෙනෙවිරත්න මහතා විසින්, පුවත් පත් කලාවේදී ලසන්ත වික්‍රමතුංග මහතා විසින් දිවි පුදා ගොඩ නැගූ ලීඩර් පුවත්පත් ආයතනය මිලදී ගැනීමේ ගණුදෙනුව හමාර කොට ඇතැයි වාර්තා වේ.
එම මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් අසංග සෙනෙවිරත්න මහතාට රුපියල් මිලියන 100 ක මුදලක බැංකු අනුග්‍රහයක් ලබා දී ඇත. එම මිලියන 100 ක මුදල ලීඩර් පුවත් පත් ආයතනයේ හිමිකරු ලාල් වික්‍රමතුංග මහතාට ගෙවා එම ආයතනයේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අසංග සෙනෙවිරත්න මහතා අලුතින් ප්‍රින්ටින් මැෂිමක් හා ආයතනයේ ප්‍රවර්ධනය සඳහා තවත් මිලියන 190 ක් යෙදවීමට එකග වී තිබේ.
එම රුපියල් මිලියන 190 ද රජයේ බැංකුවකින් ලබා ගැනීම සඳහා සෙනෙවිරත්න මහතා ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙකී මූලික ගණුදෙනුවෙන් පසු මේ වන විට විදේශ ගතව සිටින අසංග සෙනෙවිරත්න යළි දින කිහිපයකින් දිවයිනට පැමිණීමට නියමිත අතර ඉන් පසු ලීඩර් පුවත් පත් ආයතනයේ පරිපාලනය තම අතට ගැනීමට අදහස් කරගෙන සිටින බව වාර්තා වේ.
මෙහි පළමු පියවර වශයෙන් දැනට සන්ඩේ ලීඩර් පුවත් පතේ ප්‍රධාන කතෘ ධූරය හොබවන ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය වෙනුවට ලලිත් අලහකෝන් මහතා කතෘ ධූරයට පත් කර ගැනීමට නියමිතව ඇත. ලලිත් අලහකෝන් මහතා මේ වන විට විජය පුවත් පත් සමාගමේ සිංහල පුවත්පත් කතෘ උපදේශක ලෙස කටයුතු කරයි. ඔහුව “සන්ඩේ ටයිම්ස්’’ පුවත් පතට හෝ “ඩේලි මිරර්’’ පුවත් පතට ගැනීමට එම පුවත් පත්වල ප්‍රධානීන් දැඩි ලෙස විරෝධය දැක්වීම නිසා ලලිත් අලහකෝන් මහතා විජය පුවත් පත් සමාගම තුළ අර්බුදයකට මුහුණ පා සිටී.
තව ද මේ වන විට සති අන්තයේ ප්‍රකාශයට පත්වන ඉංග්‍රීසි පුවත් පත් හතරක් බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබේ. “ලක්බිම නිව්ස්’’, “ද නේෂන්’’, “සිලෝන් ටුඩේ’’, “දි අයිලන්ඩ්’’ එම සති අන්ත පුවත් පත් හතරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලක්බිම නිව්ස් වසා දැමීමට තීරණය කර ඇති අතර එහි කතෘ රාජ්පාල් අබේනායක මහතාට වෙනත් රැකියාවක් සොයා ගන්නා ලෙස තිලංග සුමතිපාල මහතා දැනුම් දී ඇත. එසේ ලක්බිම නිව්ස් වසා දැමුව හොත් රාජ්පාල් අබේනායක මහතාට ලේක් හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත් කරන සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ කතෘ උපදේශක ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ඔහු වෙත පොරොන්දු වී ඇත්තේ පසු ගිය මාර්තු මාසයේ ජිනීවා හි පැවැති මානව හිමිකම් සමුළුවට සහභාගි වී රජය වෙනුවෙන් කරන ලද වැඩ කොටස සලකා බලාය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











