| Share |
වසරකට රුපියල් මිලියන ගණනින් ගණුදෙනු සිදු කරන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වසර 6 කින් තම ගිණුම් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි වාර්තා වේ.
එසේ තිබිය දී මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි ගණනින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම පුදුමයට කරුණක් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති ප්‍රධානියෙක් අප වෙත පැවසීය.
සෑම රාජ්‍ය ආයතනයක්ම සෑම වසරකම ජූනි 30 වෙනිදා ට පෙර විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලැබූ වාර්ෂික ගිණුම් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිළිගත් සම්ප්‍රදාය වුවත් ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව තම ගිණුම් වාර්තා පසුගිය 6 වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
