Lanka News Web

විශ්ව විද්‍යාල වසා දැමුවේ එස්.බී ගෙ නිවසේ පැවති රහස් සාකච්ඡාවෙන් පසුවද ?

Share

බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ නිවසේ ඉකුත් 21 දා රහසිගත  සාකච්ඡාවක් පවත්වා තිබේ. දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය දුබල කිරීම සඳහා වු සැලැස්මක් එම සාකච්ඡාවේදී සකස්කර ඇතැයි පවසයි.

මෙම සාකච්ඡාවට අමාත්‍ය එස්.බී. දිසානායක ඇමැතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇත.

සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර පිලේ මන්ත‍්‍රීවරයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයෙකුද සහභාගී වී ඇති බව සඳහන්ය.

විවිධ චෝදනා තිබෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඉහල ව්‍යුහයක් නියෝජන කරන ආචාර්යවරු සිව් දෙනෙකුද ඊට එක්වී ඇත.

ඔවුන් කැළණිය, ජයවර්ධනපුර හා කොළඹ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදීම කිසිසේත් සිදුකළ නොහැකි බව අවධාරණය කර ඇති උසස් අධ්‍යාපන ඇමැතිවරයා කළ යුත්තේ අරගලය දුබල කිරීම බව පවසා ඇතැයිද එම ආරංචි මාරග් සඳහන් කරයි.

පළමු අදියර ලෙස ආචාර්ය අරගලයේ ඉදිරිපෙළ නායකයන් බිලී බා ගැනීම සඳහා කටයුතු යෙදීමද සාකඡ්චා වී ඇත.

දෙවැනුව ආචාර්ය අරගලයට ඇති බාහිර සහාය අහිමිකර එය හුදෙකලා කිරීම ඔස්සේ විශ්වවිද්‍යාල වසා දැමීමද එම සැලැස්මේ කොටසක් ක‍්‍රියාත්මක වූවක් බව කියයි.

දේශන නොපැවැත්වීම නිසා සිය අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් කලකිරීමට පත්ව සිටින සිසුන් ආචාර්යවරුන්ට එරෙහිව උසි ගැන්වීම සඳහා සිය ශිෂ්‍ය සංවිධානවල සාමාජිකයන් යොදාගන්නා සැලැස්මක් ආණ්ඩුවේ ප‍්‍රබලයෙකු විසින් එහිදී ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

Share

AddThis Social Bookmark Button