Lanka News Web

ඇමති නිමල් සිරිපාල දකුණු අප්‍රිකාවේ සංචාරයක

Share

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලබන සතියේ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත බැව් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සංචාරයේ මූලික අරමුණ ප්‍රතිසංධානයන් පිළිබඳව දකුණු අප්‍රිකානු රජයේ අත් දැකීම් අධ්‍යයනය කිරීම බව වාර්තා වේ.

අද (19) දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන පුවතින් සැල කර තිබුනේ ප්‍රතිසංධානයන්ට උදව් කිරීම සඳහා දකුණු අප්‍රිකානු රජය එහි නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් මහතා මගින් කළ ඉල්ලීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලද බවයි. එසේ ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් මහතා ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ (Global Tamil Forum)  සමඟ කිට්ටු සබදතාවයක් පවත්වාගෙන යන්නෙකු බවත් එකී ගෝලීය ද්‍රවිඩ සංසදයේ කටයුතු සඳහා දකුණු අප්‍රිකාවේ රාජ්‍ය අනුග්‍රහය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් මහතා හරහා ලැබෙන බැවිනි.

නමුත් එකී පුවත ලේඛකයාගේ හිතලුවක් බවට පත් කරමින් දකුණු අප්‍රිකානු රජයේ සහ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) ප්‍රතිසංධාන අත්දැකීම් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පිට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ නායකත්වයෙන් ශ්‍රී ලාංකික දූත පිරිසක් ලබන සතියේ එම රටේ සංචාරය කිරීමට නියමිත ය.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 20 වෙනි සදුදා, 09:35