| Share |
හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා රජයට කඩේ ගියේ එකසිය ගානට බවත් එම ක්‍රියා කළාපය විවේචනය කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය යළි ස්ථාපනය කරනවා යැයි කියමින් පොලිස්පති ධූරයේ වැඩ ඇරඹූ වර්තමාන පොලිස්පති එන්. කේ. ඉලන්කෝන් මහතා රජයට කඩේ යෑම දෙගුණයකින් සිදු කරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීහු ප්‍රකාශ කර සිටිති.
මුලදී ස්වාධීනව හා අපක්ෂපාතීව තම නිලයෙහි කටයුතු කළ වත්මන් පොලිස්පතිවරයා ඒ හේතුවෙන් රාජපක්ෂවරුන්ගේ උදහසට ලක් වීම නිසා නැවත ඔවුන් හා හොද හිත දිනා ගැනීම සඳහා බලවත් වෑයමක් දරමින් සිටින බවට වාර්තා වේ.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහත් වෑයමකින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සිදු කරන අපරාධ පරීක්ෂණ හේතුවක් නොදක්වා වහා නවතා දමා සේවයට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කිරීම එම පරීක්ෂණවල නියැලෙන නිලධාරීන්ගේ මවිතයට හේතු වී තිබේ. රථවාහන පවා යා නොහැකි ගම්මානවල සැතපුම් ගණන් පයින් ගොස් විවිධ හෝඩුවාවන් ඔස්සේ මහත් වැර වෑයමෙන් සිදු කෙරෙන විමර්ශන විවිධ දේශපාලඥයින්ගේ බලපෑම් මත පොලිස්පතිවරයා ක්ෂණිකව නවතා දැමීම නිසා පොලිස් නිලධාරීන් විශාල කල කිරිමකට ලක්වී සිටී. මෙසේ හෙයින් පමණක් පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව ස්වේච්ඡාවෙන් වෙනත් අංශ කරා ස්ථාන මාරු ලබා ගනිමින් සිටින බව මේ පිළිබදව අපට කරුණු දැක් වූ නිලධාරීහු ප්‍රකාශ කර සිටියහ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











