| Share |
යාපනයේදී පැහැර ගනු ලැබූ ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයා සහ ක‍්‍රියාකාරික කුගන් මුරුගානන්දන් සහෝදරයා වහාම නිදහස් කරන ලෙස බල කිරීම සඳහා අන්තර්ජාල පෙත්සමකට අත්සන් එකතු කිරීමට තීරණය කර තිබේ. එම පෙත්සමට අත්සන් එකතු කිරීම ලබන 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
අන්තර්ජාල පෙත්සම විවෘත කිරීම ලබන 21 වැනිදා පෙ.ව. 11.00ට ඇතුල් කෝට්ටේ පිහිටි ‘සිංහ’ සමාජ ශාලාවේදී සිදු කෙරේ. මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයින්, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයින්, කලාකරුවන් හා විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගි වේ.
www.flsocialistparty.comවෙබ් අඩවිය ඔස්සේ මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් කළ හැකිය.
මෙම ප‍්‍රවෘත්තියට ඔබ මාධ්‍ය මගින් පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මාධ්‍ය ඒකකය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2012.08.19
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
