Lanka News Web

"රාජපක්ෂ රජය කියන්නේ දෙමළ ජනතාවට නැවතත් ආයුධ ගන්න කියාද?" - සුමන්දිරන්

Share

"දැන් ‘ තමා ප්‍රශ්න කරන බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා අගෝස්තු 12 දා ගාල්ලේ ක්‍රිඩා මණ්ඩපයේදී පැවැති ‘උගත් පාඩම් කොමිසම සහ මව්බිමේ අනාගතය’ යන සම්මන්ත්‍රණය අමතා ප්‍රකාශ කළේය.

බහුතරයේ කැමැත්ත මත පාලනය කිරීම මගින් දෙමළ කතාකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා නොවන බැවින් ඒ සඳහා විශේෂ දේශපාලන බලය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය යයිද, කලින් කලට බලයට පත්වූ විවිධ ආණ්ඩු විසින් ඒ අදහස පිළිගෙන ඒ සඳහා යෝජනාවලි 5ක් සකස් කොට ඇතැයිද ඔහු මතක්කොට සිටියේය.

අපි විශ්වාස කරනවා සිංහල මිනිස්සු හරි දේ කරයි සුමන්දිරන් මහතා මෙසේද කීය. ‘දෙමළ ජනතාවට එරෙහිව දශක ගණනාවක් තිස්සේ එල්ලවූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දෙමළ ජනතාවගේ පැත්තෙන්ද ප්‍රති ප්‍රචණ්ඩත්වයක් ඇති වුණා. දැන් ඒ ප්‍රචණ්ඩත්වය අවසන් වී තිබෙනවා. මේ ප්‍රචණ්ඩත්වයෙන් වැඩිම හනියක් පැමිණුනේ දෙමළ ජනතාවටමයි. ඒ නිසා අපි පැහැදිලිවම අපේ ජනතාවට කියන්නේ අපි නැවතත් ප්‍රචණ්ඩත්වයට යා යුතු නැති බවයි. නමුත් අපි එහෙම කියන එක දෙමළ ජනාතාවගේ සාධාරණ අයිතීන් පිළිබඳ ඉල්ලීම් නොතකා හැරීමට ආණ්ඩුවට හේතුවක් නොවිය යුතුයි .

අපේ ඉල්ලීම් සාධරණද නැද්ද කියන කාරණාව ගැන යම් සාකච්ඡාවක් කරන්න පුළුවන්. නමුත් ඒ ඉල්ලීම් බහුතර බලය පාවිච්චි කරලා යටපත් කරන්න බැහැ. බහුතරය විසින් අපේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ පමණින්  අපේ ඉල්ලීම් අත්හරින්නට අපි සූදානම් නැහැ. ආණ්ඩුව අපට ඇහුම්කන් දෙන්නේ නැතිනම් අපි සැබෑ බහුතරය වන ඔබ වෙත එනවා.  අපි අපේ ඉල්ලීම් සාධාරණව ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඒ මොකද අපිට සිංහල මිනිසුන් ගැන විශ්වාසයක් තියෙනවා. අපි විශ්වාස කරනවා සිංහල මිනිස්සු හරි දේ කරයි කියලා.

අවාසනවාට පහුගිය අවුරුදු ගණන පුරාම මේ සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතරේ පැහැදිලි දේශපාලන සංවාදයක් ඇති වුණේ නැහැ. නමුත් අපි ඒක ආරම්භ කරමු. අපි එකිනෙකා කතා කරමු මේ ප්‍රශ්නය විසඳා ගන්නට. අපි එකිනෙකා හිංසනය,ප්‍රචණ්ඩත්වය යොදා ගත යුතු නැහැ. අපි ගල් යුගයට ආපහු යන්න  ඕනෑ නැහැ. අපිට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගන්නට. ඒ නිසා සිංහල ජනතාවට මගේ ආයාචනය මේකයි. දෙමළ ජනතාවගේ ඉල්ලීම් රැගෙන එන විට, ඒවා ගැන කතා කරන විට ඔබ ඔබේ මනස, ඔබේ සවන් වසා ගන්නට එපා. විවෘත මනසකින් ඒවාට සවන් දීලා, ඒවා සාධාරණද ?නැද්ද ? කියලා ඔබෙන්ම අහලා බලන්න, මේ ඉල්ලීම් ගැන අපිට හිතා බලන්න, කතා කරන්න පුළුවන්ද කියලා බලන්න.

‘නිදහසේ වේදිකාව’ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවක සිව්ව්වැන්න වූ මෙම සම්මන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල සංවිධානයක වජිර අබේවර්ධන එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, නිදහසේ වේදිකාවේ කැඳවුම්කරුවන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ බ්‍රිටෝ ප්‍රනාන්දු යන අයද අදහස් දැක්වූහ.

පිටුපස ජාතිවාදී කසුකුසුවක් මේ අතර සුමන්දිරන් මන්ත්‍රීවරයා වේදිකාවේ කරුණු ඉදිරිපත් කරද්දී පිටුපස සිටි පිරිසක් අතර යම් කසුකුසුවක් ඇති විය. ඔවුන්ගේ කසුකුසුවට හේතුව සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය ගැන කථාකිරීමයි. එම පිරිස එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවද යුක්තිය වෙත වර්තා වෙයි. ඔවුන් එම ගාල්ලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධානියෙකුගේ හිතවතුන් බවද තවදුරටත් අණාවරණය විය.

-yukthiya.com -

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 18 වෙනි සෙනසුරාදා, 10:47