Lanka News Web

බිම්බරක් සෙනඟ නිදි

Share

ලංකාවේ ඉඩකඩම් විදේශිකයින්ට විකුණාදැමීම රාජපක්ෂ ආණ්ඩුව යටතේ කවරදාවත් නැති විදිහට සිද්දවෙනවා. පෞද්ගලිකව විදේශිකයන්  සඳහා මෙන්ම විදේශ සමාගම් හා කෙළින්ම විදේශ රාජ්‍යයන් අතර මේ ගනුදෙනු සිදුකරණු ලබනවා. දකුණු පලාතේ වෙරළට මුහුණපා පිහිටි ඉඩම් හා මෑතකදී එල්ටීටීඊ පාලනයෙන් මුදාගත් ඉඩම් වලට අමතරව කොළඹ පිහිටි කේන්ද්‍රීය ඉඩම් සඳහා තමයි වැඩිවශයෙන් ඉල්ලුමක් තියෙන්නෙ. එකකට එකක් ගෙවන්න තියෙන බදු වංචා කිරීම සඳහා ගනුදෙනු සිද්දවෙන්නෙ 99 අවුරුදු බද්දට හෝ එම සමාගම් විසින් දේශීය ඒජන්තයින් යොදා තාවකාලිකව පිහිටුවාගන්නා ශාඛා සමාගම් හරහායි. ගාලුමුවදොර ඉදිරිපස පිහිටි ඉඩම ෂැන්ග්‍රී ලා සුඛෝපභෝගී හෝටලය සහ නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා චීන සමාගමකට විකිණීම කතාබහට ලක්වූ එක් ගනුදෙනුවක් පමණයි. වැඩි හරියක් හොර රහසේ ම සිද්දවෙන අතර සමහරක් ගනුදෙනු ඉංග්‍රිසි පුවත්පත් වල පමණක් යාන්තමින් පළවෙනවා.

ගාලුපාර හා කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාර අතරමැද පිහිටි පර්චස් 287 ඉඩම (ෂෝ වොලස් සහ හෙජස් පිහිටි) තවත් චීන සමාගමකට විකුණා දැමූ පුවතක් පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තිබුණා. ඉන්දියාවට පර්චසයක් රුපියල් මිලියන 7 බැගින් සියල්ල මිලියන් 2009 කට විකිණිමට සූදානම් කර තිබුණු මේ ඉඩම ඊටත් වඩා වැඩිගණනකට එම චීන සමාගමට විකිණීම නිසාවෙන් ඉන්දියාව සිය බරපතළ අප්‍රසාදය පළකර තිබෙනවා. මෙම ඉඩම පෙරාතුව ඇමෙරිකාණු රජයට විකිණිමට සුදාණම් කර තිබුනත් සාගරය හරහා මෙම ඉඩම වෙත කෙළින්ම ලඟා වීමට නොහැකි නිසාවෙන් ඔවුන් ප්‍රතික්‍ෂේප කර තිබු බවද එහි සඳහන්වෙනවා.

සන්ඩේ ටයිම්ස් ලිපිය මෙතනින් බලන්න

එල්ටීටීය තිබුණ කාලෙ එන්න බයවෙච්ච බලයට කෑදර පෙර අපර දෙදිග රාජ්‍යයන් දැන් කිසි බයක් සැකයක් නැතුව වැඩේට බහිනවා. කට්ටියම එල්ටීටීය විනාශ කරන්න අතදිගෑරලා වියදම් කලේ අපිට ආදරේට නොවෙන බව තේරෙන්න සිංහලයාට ඉපදෙන්න ඉන්න දරුවන්ට චීන මුහුණු එනකම්ම ඉන්නවෙනවා. රාජපක්ෂලාට මෙහිදී  ගනුදෙනුකරණ රටවත් එම ඉඩම් වල කරන්න හදන දේවල්වත් වැඩක් නොවේ. අවශ්‍ය එකම කාරණය කොච්චර මිලියන ගානක් අතට හම්බ වෙනවද කියන එකයි. මැදමුලනෙ මහ ඉඩම හැරුණාම ඔක්කොම ඉඩම් වලින් ඩොලර් පේනවා ඇත්තෙ. මේ කටයුතු ඔක්කෝම සිද්දවෙන්න ජාත්‍යාලය ගැන දෙපැත්තෙන්ම බෙරිහන්දෙන හෙළ උරුමය හා ජානිපෙ ඔක්කොම උගත් නූගත් සිංහල බෞද්ධ බැලයන් රාජපක්ෂලාගේ ගෙවල් පිළිකනු වල ඉන්න අතරෙ. කියන්නෙ නම් සුද්දෙක් දැක්කාම කට්ටියගෙ මවිල් කෙළින් වෙනවා කියලා.

ඉස්සර නන්දා-සුනිල් කිව්වෙ‍;

රට වටකර වැට බඳින්න කැති මන්නා ගන්න වෙනවා

වැටඩ උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා

කියලයි.

සල්ලි යටිමඩි ගහගන්න පුළුවන්නම්  දැං වැටවල් ගලවලා කට්ටියට පාවාඩ දාල එන්න දෙන්නේ නන්දා-සුනිල් ලා කඩේ ගිහින් බලයට ගෙනාපු රාජපක්ෂලාම තමයි.

-LOOPHOLES-

Share

AddThis Social Bookmark Button