Lanka News Web

සැඟවූ අවි ඇති තැන් පෙන්වීමට ජුලම්පිටිය අමරේ රැගෙන යාමට තීරණය කරයි!

Share

දැනට ද්විත්ව මිනීමැරුමක් සම්බන්ධයෙන් තංගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සිටින කුප්‍රකට ගීගන ආරච්චිගේ අමරසේන නොහොත් “ජුලම්පිටියේ අමරේ’’නැමැති පාතාල නායකයා ඉදිරි දින කීපය තුල ඔහු සතු අවි සඟවා ඇති තැන් පෙන්වීම සදහා රැගෙන යෑමේ සූදානමක් පවතින බව අපගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දෙමින් ජුලම්පිටියේ අමරේ පවසා ඇත්තේ තමා සතුව “මිනි උෂි’’ වර්ගයේ ගිනි අවි දෙකක් සහ “ටී 56’’ ගිනි අවි තුනක් තිබෙන බවයි. ඊට අමතරව මෙරට නිශ්පාදිත තවත් ගිනි අවි රැසක්  තිබෙන බවට දී ඇති ප්‍රකාශය නිසා මොහුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් සමඟ එම අවි සඟවා ඇති ස්ථාන කරා රැගෙන යාමට අවශ්‍ය අධිකරණ අවසරය ලබා ගැනීම සදහා බී වාර්තාවක් ගොනු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුමේ ප්‍රධානම අරමුණ වී ඇත්තේ තංගල්ල කාල්ටන් නිවසේ ආරක්ෂාව සදහා ජනාධිපති ආරක්ෂක අංශයට නිකුත් කර තිබූ මිනි උෂි වර්ගයේ  ගිනි අවියක් 2010 වසරේ දී අස්ථාන ගත වීම නිසා ඒ පිළිබදව CID යෙන් පවත්වන ලද රහසි ගත පරීක්ෂණයක දී අදාල ගිනි අවිය ජුලම්පිටිය අමරේ සතුව තිබෙන බවට හෙලිදරව් වීම නිසා එම අවිය නැවත ලබා ගැනීමයි.

මෙසේ මෑත කාලයේ සඟවා ඇති ගිනි අවි පෙන්වීම සඳහා පොලීසිය සමග ගිය කිසිවෙකු මේ වන විට ජීවත් නොවන හෙයින් ජුලම්පිටියේ අමරේට ද එම ඉරණමම අත් වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, “ජුලම්පිටිය අමරේ දගලනවා වැඩි ’’ යැයි රාජපක්ෂවරු මේ වන විට තීරණය කර ඇති බැවින් චන්ඩි මල්ලීට අත් වූ ඉරණමම අමරේටත් අත්විය හැකි බව මේ පිළිබ අපට කරුණු හෙළි දරව් කළ නිලධාරියා සදහන් කර සිටි අතර මෙම සමස්ථ ක්‍රියාදාමයම මෙහෙයවීමේ වගකීම ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ වන විට රාජපක්ෂවරුන්ගේ දැඩි ප්‍රසාදයක් දිනා සිටින රහස් පොලීසියේ පොලිස් පරීක්ෂක අනුර සිල්වා මහතාට පවරා ඇති බව අදාල නිලධාරියා අවසන් වශයෙන් සඳහන් කලේය.

Share

AddThis Social Bookmark Button