| Share |
අගවිනිසුරුවරිය සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිව සිටි අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතා විසින් සිදු කළ අයථා ගණුදෙනු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන බව ජනාධිපතිවරයා පසුගිය දා අවධාරණය කර තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වය රැක ගනිමින් අධිකරණ තීන්දු දීමේ වැදගත්කම ජේෂ්ඨ විනිසුරු පිරිසක් හමුවේ අගවිනිසුරුවරිය පසුගිය දා කර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබදව ජනාධිපතිවරයා ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරුන් හමුවේය.
දේශපාලන බලපෑම් වලට යටත්ව අධිකරණ තීන්දු ලබා දීමෙන් ජනතාව අධිකරණය කෙරෙහි තබා ඇති විශ්වාසය බිද වැටෙමින් පවතින හෙයින් අධිකරණය ස්වාධීන කිරීමේ අවශ්‍යතාවය ජේෂ්ඨ විනිසුරුවරුන් කිහිප දෙනෙකු හා ජේෂ්ඨ නීතිඥයන් පිරිසක් අගවිනිසුරුවරියට ප්‍රකාශ කර ඇති බව අප පසුගිය දා වාර්තා කළෙමු.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඇය එම තනතුරේ රඳවා ගන්නේ සීමිත කාලයකට පමණක් බවයි. වසර 5 කදී ඉල්ලා අස්වන බවට අගවිනිසුරු ධූරය භාරගත් අවස්ථාවේ ඇය තමාට ලිපියක් භාරදී ඇතැයි ද ජනාධිපතිවරයා පවසා තිබේ.
එහෙත් ඒ සම්බන්ධයෙන් ජේෂ්ඨ විනිසුරුවරයෙකු මගින් අප කළ සොයා බැලීමක දී අගවිනිසුරුවරිය එවැනි ලිපියක් ලබා දී නොමැති බව තහවුරු විය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ ගනුදෙනුව මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වූ මොහොතේ එවකට එහි සභාපතිව සිටි ප්‍රදීප් කාරියවසම් මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වූ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂක ජනාධිපති ජ්‍යෝතිෂඥ උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා යළි එම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් පසු ගිය දා පත් කලේය. එසේම ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙකු වන නීතිඥ සුමිත් විජේසිංහ මහතා මෙවර ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කොට ඇත්තේ ප්‍රදීප් කාරියවසම් මහතා සභාපතිව සිටි වකවානුවේ අයතා ගනුදෙනු කළේ ද යන්න සොයා බැලීම සදහා යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
