| Share |
අගමැති තනතුර ලබා ගැනීමේ සටනේ තමා ඉදිරියෙන්ම සිටින්නේ යැයි පෙන්නුම් කිරීමට හා තමා එයට එකම සුදුස්සා බව සමාජය තුල තහවුරු කිරීම සඳහා හිටපු අගමැති විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කර තිබේ.
1994 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට උදව් උපකාර කළ ආකාරය මුහුණට මුහුණ දී කෙරෙන එම විවාදයේ දී හෙලි දරව් කරන බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෛත්‍රිපාල අමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙර එම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ අවස්ථාවේ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම ප්‍රකාශයට පිලිතුරු දුන් අතර ඒ සම්බන්ධයෙන් විවෘත විවාදයකට සූදානම් බව මාධ්‍ය හරහා ප්‍රකාශ කලේය.
තිස්ස අත්තනායක මහතා සමඟ විවාදයකට නොයන ලෙස මෛත්‍රීපාල ඇමතිවරයාගේ උපදේශකයන් ඔහුට දැනුම් දී ඇති අතර අගමැති තනතුර ඉලක්ක කර ගනිමින් “හිටපු අගමැති -අනාගත අගමැති’’ ලෙසින් එම විවාදය පවත්වන ලෙස ඔහුට උපදෙස් දී ඇත්තේ ඔහුගේ මාධ්‍ය උපදේශක වන ජේෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතා විසිනි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












