| Share |
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකළ සමාගම රජයේ ඉහළ දේශපාලඥයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන පනහක සන්තෝශම් මුදලක් ගෙවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම මුදල ලබා ගෙන ඇත්තේ බත්තරමුල්ලේ ඉදි කිරීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉදි කිරීම් සදහා යැයි කියමිනි. නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදය පිලිබදව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු කළ විමසීමක දී කොළඹ චීන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු එම තොරතුර හෙලි දරව් කර ඇත.
නොරොච්චෝලේ තාප බලාගාරය සදහා ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ දී වන අතර එය ඉදිකිරීම් කටයුතු කරනු ලැබුවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












