Lanka News Web

විදුලිය කැපීම චම්පික ගේ කුමන්ත්‍රණයක් දැයි ජනාධිපති සැකයෙන්

Share

මේ වන විට සිදු කෙරෙන විදුලිය කප්පාදුව හා විදුලි සේවකයන්ගේ වර්ජනය විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අනුදැනුම මත සිදුවන කුමන්ත්‍රණ වැඩ පිළිවෙලක් දැයි වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට දැනුම් දි ඇතැයි ආණ්ඩුවේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

 

පළාත් සභා මැතිවරණය කැදවා ඇති මෙවන් මොහොතක මෙලෙස  විදුලිය කප්පාදු කිරීම බරපතල කාරණයක් බව ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ජාතික හෙළ උරුමය මෙවර පළාත් සභා ඡන්දයට ඉදිරිපත් නොවන නිසා චම්පික රණවක අමාත්‍යවරයා මෙම විදුලිය කැපීම මගින් රජය අප්‍රසාදයට පත් කිරීමට සැරසෙන්නේ දැයි තමාට සාධාරණ සැකයක් පවතින බව ජනාධිපතිවරයා පවසා ඇත.

අප වෙත වාර්තා වන පරිදි චම්පික රණවක අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපතිවරයාට තොරතුරු රැසක් ලබා දී ඇත්තේ විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ය. කෙසේ වුව ද නොරොච්චෝලෙ තාප බලා ගාරයේ බිද වැටීමක් වැසි නොලැබීමේ හේතුවෙන් අද (15) දින සිට පැය 3 කුත් විනාඩි 20 ක් විදුලි බල සැපයුම කප්පාදු කර ඇත.

මේ අතර නොරොච්චෝලෙ තාප බලා ගාරයේ තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් චම්පික රණවක අමාත්‍යවරයා එහි ඉදිකිරීම් කටයුතු කළ චීන සමාගමත් චීන රජයත් විවේචනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය රාජ තාන්ත්‍රික මට්ටමෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත සිය කණසල්ල පලකර ඇත.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 15 වෙනි බදාදා, 14:54