| Share |
කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාට අත් වූ ඉරණමම ලගදීම කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට ද අත්වනු නියත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බාල තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙසේ පවසා තිබේ. බාල තෙල් ගෙන්වීම සිදුකර ඇත්තේ තමා නොව හිටපු සභාපති හැරී ජයවර්ධන මහතා විසින් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇත. කෙසේ වුවද තමන් ඊට වග නොකියන බවත් විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට වග කිවයුතු බවත් හැරී ජයවර්ධන මහතා පසු ගිය දා මාධ්‍යයන්ට පවසා තිබිණ.
හැරී ජයවර්ධන මහතාගේ දියණියක් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ කාර්යය මණ්ඩලයේ සේවය කළ ද එකී දැන හැදුනුම්කම් හරහා පසුගිය කාලයේ තමාට උදව් නොකොට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එම සම්බන්ධතාවය හරහා විශේෂ අනුග්‍රහ ලබා දීම කෙරෙහි ජනාධිපතිවරයා පසුගිය කාලයේ හැරී ජයවර්ධන මහතා සමඟ අමනාපයෙන් පසු විය. කෙසේ වුව ද 2005 මැතිවරණයේදී මෙන්ම 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා වැඩිම මුදලක් “ආයෝජනය’’කළ පුද්ගලයා හැරී ජයවර්ධන වේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











