Lanka News Web

විමල් - හිරුණිකා සම්බන්ධය ගැන ජනාධිපති වියරුවෙන්!

Share

විමල් වීරවංශ අමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කෙරෙහි විශේෂ ලෙන්ගතුකමක් දැක්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයට යොමු වී ඇතැයි වාර්තා වේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වන හිරුණිකා ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබීය. එසේ තිබිය දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගි වීමත්, ඔහු නිතර දෙවේලේ හිරුණිකාගේ නිවසට යාමත් ජනාධිපතිගේ කෝපයට හේතු වී ඇත.

මෙම තත්වය යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයගේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේ පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රශ්න කරන්නැයි ජනාධිපතිවරයා විමල් වීරවංශ මහතාගේ ප්‍රභලතම දේශපාලන ප්‍රතිවාදියා වන කඩුවෙල නගරාධිපති බුද්ධදාස මහතාට දැනුම් දී ඇත.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 15 වෙනි බදාදා, 14:11