| Share |
වත්මන් අගමැති දිමූ ජයරත්න මහතා දේශපාලනික වශයෙන් විශ්‍රාම ගන්වන්නේ නම් අගමැති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයෙකු පත් කළ යුතු බව එම පක්ෂයේ ජේෂ්ඨයන්ගේ මතය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක සහ අගමැති දිමූ ජයරත්න හැරුණු විට ජේෂ්ඨත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරමුණේ සිටින්නේ පිළිවෙලින් නිමල් සිරිපාල ද සිල්වා, මෛත්‍රීපාල සිරිසේන හා ජෝන් සෙනෙවිරත්න යන අමාත්‍යවරුන් ය.
අගමැති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන බවට වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් පිරිසක් හා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් කිහිප දෙනෙකුම මෛත්‍රීපාල ඇමතිවරයාට කතා කොට අගමැති ධූරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නැයි පවසා ඇත.
එවැනි තත්වයක් තුළ එකී සියළු දෙනාගේ සහාය ලබා දෙන බවට ඔවුන් මෛත්‍රීට සහාය වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා 1994 දී එජාපයෙන් ජනාධිපති තරගයට ඉදිරිපත් වූ ගාමිණී දිසානායක මහතාට එරෙහි ව චන්ද්‍රිකා මහත්මියට ඔත්තු ලබා දුන් බව කියන ආන්දෝලාන්ත්මක ප්‍රකාශය මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඔහු කෙරෙහි මාධ්‍ය අවධානය ලබා ගැනීම සඳහා බව ද වාර්තා වේ.
මේ වන විට මෛත්‍රීපාල ඇමතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ උපදේශකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම සදහා සුවිශේෂ මාධ්‍ය මෙහෙවරක් ඉටු කළ ජේෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතා ය. මෛත්‍රීපාල ඇමතිවරයාගේ ප්‍රචාරණ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස විමල් වීරවංශ මහතා පත් කර ගත යුතු බව යෝජනා කර ඇත්තේ ද නිව්ටන් ගුණරත්න මහතා බව වාර්තා වේ. පසුගිය මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික් මනාප සටනේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතාට විශේෂ සැලකිල්ලක් දැක්වීම පිළිබදව වීරවංශ අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අමනාපයෙන් පසු වේ.
අප වෙත වාර්තා වන පරිදි ඒ.එච්.එම් ෆවුසි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි වැනි ශ්‍රීලනිප ප්‍රභල ක්‍රියාකාරීන් මෛත්‍රීපාල ඇමතිවරයාට ද සහාය පල කිරීමට මේ වන විට එකඟත්වය පළ කර ඇති අතර සන්ධානය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ද මේ සඳහා තම සහාය සහතික වී තිබේ.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
