| Share |
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කෝට්ටේ නාග විහාරාධිපති අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
අප වෙත වාර්තා වෙන පරිදි මෙම දේශපාලන මෙහෙයුමට හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙන්ම එජාපයේ පිරිසකගේ ද, වෘත්තීයවේදී සංවිධානවලද සහාය පල වී ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට සාධාරණ සමාජයක් - නීති ගරුක රටක් - යුක්ති ගරුක පාලනයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණින් සෝභිත හිමියන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන එම ක්‍රියාකාරීන් පිරිස ඒ සඳහා එජාපයේත් ජනතා විමුක්ති පෙරමුනේත් ජාතික හෙළ උරුමයේත් සහාය ලබා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. එම සාකච්ඡා සඳහා දස වැදෑරුම් වැඩ පිළිවෙලක් ද සෝභිත හිමිගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කෙටුම් පත් කර තිබේ.
ධාර්මික රාජ්‍ය පාලනයක්, අභිමානය සුරකින විනිවිධභාවයෙන් යුතු හා ජනතාවට වග කියන සමාජ පාලනයක්, ස්ථාවර රටක තෘප්තිමත් ජාතීන්, දේශය ගොඩ නගන ආර්ථිකයක්, ස්ත්‍රීන්ට හා ළමයින්ට රැකවරණය, ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහි කිරීම, ජනතාවාදී පාලනයක්, ශාසනික දියුණුව ඇති කිරීම, අධ්‍යාපනය සෞඛ්‍ය නගා සිටුවීම, ජනතාව සවි බල ගැන්වීම දස වැදෑරුම් කෙටුම් පතට අඩංගු වේ. විපක්ෂයේ දේශපාලන නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත ය.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











