Lanka News Web

විනිමය කොමිසමෙන් තිලක් ඉවතට

Share

කොළඹ කොටස් වෙළද පොළ නියාමනය කරනු ලබන විනිමය හා සුරැකුම්පත් කොමිසම් සභාවේ සභාපති ධුරයෙන් තිලක් කරුණාරත්න මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.

කොළඹ කොටස් වෙළද පොළ නියාමනය කරනු ලබන්නේ විනිමය හා සුරැකුම් පත් කොමිසම මගිනි. කොළඹ කොටස් වෙළදපොළේ සිදු වූ මහා පරිමාණයේ වංචා දූෂණවලට එරෙහිව මූලික පරීක්ෂණ ඇරඹූ මෙම කොමිසමේ හිටපු සභාපතිනි ජනාධිපති ලේකම්වරයාගේ සහකාරිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ජනාධිපතිවරයාගේ බලපෑම් මත ඉල්ලා අස්වීමෙන් පසුව තිලක් කරුණාරත්න මහතා එම තනතුරට පත් කරනු ලැබීය.

කෙසේ වුව ද කොළඹ කොටස් වෙළද පොළ ගොඩ ගැනීමට තිලක් කරුණාරත්න මහතා අපොහොසත් වී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ජනාධිපතිට දැනුම් දී ඇත. ඒ අනුව කොටස් වෙළද පොළ සම්බන්ධ ගැටළු විසදීමේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් මුළුමනින්ම ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත පවරා ඇත.

මේ වන විට අපට ලැබී ඇති තොරතුරුවලට අනුව තිලක් කරුණාරත්න මහතා ඉවත් කිරීමෙන් පසු එම තනතුර සඳහා නාලක ගොඩහේවා මහතා පත් කිරීමට නියමිත ය.

Share

AddThis Social Bookmark Button