| Share |
ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් සංරක්ෂණ බලකාය (RTF) විසින් පසුගිය 9 වෙනිදා අළුයම කටුනායක ගුවන් තොටුපොලේ කරන ලද විශාලතම මෙහෙයුම ජනාධිපතිගෙන් ලැබුණු විශේෂ නියෝගයක් මත විසුරුවා හරින ලද බව ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානා දෙකකින් භාණ්ඩ තොගයක් මෙසේ පරීක්ෂා කිරීමට ලක් වී ඇති අතර එම භාණ්ඩ ගෙන එන ලද පුද්ගලයන් එයට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. පසුව ඔවුන්ගේ සහයෝගයට කොළඹ සිට බස් රථයක් පුරවා පිරිසක් කැඳවා තිබිණ.
ආදායම් සංරක්ෂණ බලකාය විසින් කරනු ලබන වැටලීම්වලට අදාල භාණ්ඩ තොග ඒ වෙනුවෙන් වෙන් කරන ලද ගුදම්වලට රැගෙන ගොස් 100% ක් පරීක්ෂා කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. එහෙත් මෙම වැටලීමෙන් අල්ලාගත් භාන්ඩ පරීක්ෂා කිරීමට කිසිදු ඉඩක් නොතබා ඒවා මුදා ගැනීමට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
සංරක්ෂණ බලකාය ලද තොරතුරක් මත රේගු අධ්‍යක්ෂක ජෙනරාල්ගේ උපදෙස් පිට මෙම වැටලීම සිදු කර තිබේ. වැටලීමට එරෙහිව දැක්වූ විරෝධතා මැඩ පැවැත්වීමට ගුවන් තොටුපොළ ආරක්ෂක ඒකකය, ගුවන් හමුදාව හා පොලීසිය ද මැදිහත් වී ඇත. එම තත්වය යටතේ සිවිල් ගුවන්සේවා සභාපතිවරයා ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තත්වය සමතයකට පත්කර ව්‍යාපාරිකයන් හා භාණ්ඩ තොග නිදහස් කර ගැනීමට ක්‍රියා කර ඇත. රඳවාගෙන පරීක්ෂාවට ලක් කිරීමට සැලසුම් කළ භාණ්ඩ තොග අතර විශාල මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන්නට ඇතැයි රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රකාශ කරති.
එසේම නීති විරෝධී නොවන නමුත් අධික තීරුබදු ගෙවා නිදහස් කර ගත යුතු භාණ්ඩ රැසක් ද මේ අතර තිබී ඇත. රේගු නිලධාරීන් වැඩි දුරටත් පවසන්නේ කොළඹ සිට බසයකින් විරෝධතා දැක්වීමට පිරිස් රැගෙන යාමෙන් පැහැදිලි වන්නේ ප්‍රභල දේශපාලන රැකවරණ යටතේ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙහි ගෙන එන්නට ඇති බවයි.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|











