Lanka News Web

ලලිත් කුගන් රඳවාගෙන ඉන්නේ හමුදාවෙන්

Share

පසුගිය දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී පැහැරගැනීමට ලක්වූ ලලිත් සහ කුගන් නැමැති ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් දෙදෙනා රජයේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින බව වාර්තාවේ. පසුගිය දා ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති උපදේශක කමිටුවකදී මොවුන් දෙදෙනා පිළිබඳ සාකච්ඡාවක් ඇතිවී තිබෙන අතර එම සාකච්ඡාවේදී මොවුන් දෙදෙනා තවමත් අත්අඩංගුවේ රඳවාගෙන සිටින බවත් නිදහස් කිරීම දේශපාලන ප්‍රශ්නයක් ඇති කිරීමට ඉඩ තිබෙන නිසා මොවුන් පිළිබඳ ඉක්මනින් තීරණයක් ගතයුතු බවත් ආරක්ෂක හමුදා ප්‍රධානියෙකු එහිදී පවසා ඇත.

මොවුන් දෙදෙනා නීති විරෝධී ලෙස අත්අඩංගුවේ රඳවා තබාගෙන පිටකොටුවේ ඇති පොලිස් සුබසාධක ගොඩනැගිල්ලට පවා රැගෙනවිත් ඇති බව අප මීට පෙර ද අනාවරණය කළෙමු. ආරක්ෂක හමුදාවලින් ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව පැවසෙන්නේ මොවුන් දෙදෙනා තවමත් රඳවාගෙන සිටින මුත් මොවුන්ගේ ජීවිත බරපතල අවධානමක පවතින බවයි. මෙලෙස නීති විරෝධී ලෙස පැහැරගත් බොහෝ දෙනා පසුගිය කාලයේදී රහසිගතවම මරා දමනු ලැබූ අතර මොවුන් පිළිබඳ තොරතුරැ තවමත් හෙළිදරව්වී නොමැත. ආරක්ෂක කමිටුවේ ඇතිවූ මෙම සාකච්ඡාව ඉහල සිටි නිලධාරියෙකු හරහා මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙකුටද ලබාදී ඇති බව වාර්තාවේ.

Share

AddThis Social Bookmark Button