Lanka News Web

ලංවීම වැඩවර්ජනය අඛණ්ඩව - වෘත්තීය සමිති නායකයින්ට මරණ තරජන

Share

2012 අගෝ. 10 දවල් 12.00 ට විදුලි සේවකයින් ආරම්ඛ කරන ලද වැඩවර්ජනයට මේ වන විට 15000 කට ආසන්න විදුලි සේවකයින් සම්බන්ධ වී ඇති අතර ඉතාමත් සාර්ථක මෙම වැඩවර්ජනයට බිය වූ ආණ්ඩුවේ බලධාරීන් වෘත්තීය සමිති නායකයින්ට මරණීය තර්ජන එල්ල කර ඇත. ඒ අනුව අද අලූයම ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා වන රංජන් ජයලාල් සහෝදරයාගේ  නිවස ඉදිරිපිට මල් මඩමක් තබා මරණීය තර්ජනයක් එල්ල කර ඇත.

ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පවා රට නොමග යවමින් ජනතාව ප‍්‍රකෝප කරමින් ප‍්‍රකාශ කර සිටියේ ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් 45% ක වැටුපක් ඉල්ලා සිටින බවයි. මෙය සම්පූර්ණ අසත්‍යය ප‍්‍රකාශයක් බවද 45% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා නොසිටින අතර සේවකයින් ඉල්ලා සිටින්නේ 2012 අපේ‍්‍රල් 1 වැනිදා සිට ලංවිම විධායක නිලධාරීන්ගේ පමණක් වැටුප් විෂමතාවය ඉවත් කළා මෙන් අනෙකුත් සේවකයින්ගේද විෂමතාවය ඉවත් කරන මෙන්ද රංජන් ජයලාල් සහෝදරයා unionslanka වෙත පැවසීය.

මෙම සරල ඉල්ලීමටවත් සාකච්ඡුා මගින් විසඳුම් නොදෙන පාලකයෝ දැන් සූදානම් වන්නේ තර්ජනයෙන්, බිය වැද්දීමෙන් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය මර්ධනය කිරීමට වන අතර  මෙවැනි තර්ජනවලින් ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ව්‍යාපාරය බිය වැද්දිය නොහැකි අතර මෙම තත්වයට එරෙහිව එළඹෙන 13 වැනි සඳුදා කොළඹ ලංවිම ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

Unions Lanka

Share

AddThis Social Bookmark Button