Lanka News Web

FUTA සහ ජවිපෙ අතර සාකච්ඡාවක්

Share

අධ්‍යාපන ක්ෂේත්‍ර යේ පැනනැගී ඇති අර්බුදය හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් ඊයේ (08) ජවිපෙ මූලස්ථානයේදී පැවැත්විනි.

ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, පූජ්‍ය දඹර අමිල හිමි, ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, ආචාර්ය කුමුදු කුසුම් කුමාර, ආචාර්ය අනුර කුමාර, ජේෂ්ඨ කතිකාචාර්ය දිලීප විතාරන, ආචාර්ය ජිනසේන හේවගේ යන ආචාර්යවරුන් ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අනුර දිසානායක, විජිති හේරත්, නලින්ද ජයතිස්ස යන සහෝදරවරුන්ද සහභාගී වූහ.

 

සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක් වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා“අද අපි මේ මොහොතේ පවතින අධ්‍යාපන අර්බුදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත කණ්ඩායමක් සමග සාකච්ඡා පැවැත්වූවා. එහිදී අපේ ඉල්ලීම් සහ යෝජනා සම්බන්ධයෙන් ඔවුන්ට සවිස්තරාත්මකව අපි පැහැදිලි කළා.

අපි අතර සාමාන්‍ය යෙන් දීර්ගකාලීනවත් අවබෝදයක් තිබුණා. විශේෂයෙන් අනුර කුමාර දිසානායක මහත්මයා අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළා. ඒ විදිහට අවබෝදයක් තිබුනා. ඒ අවබෝදය තවත් පුළුල් කර ගැනීමක් මෙම සාකච්ඡාවේදී සිදුවුණා.

විශේෂයෙන් අපේ ඉල්ලීම් අතර ඇති වැටුප් නොවන කාරණා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස අපිට දන්වා සිටියා. ඒ ඉල්ලීම් පිලිබඳව සම්පූර්ණයෙන් සහයෝගය දක්වනවා සහ මෙම අරගලය ජයග්‍රහණය කිරීමට පොදුවේ ගත්තාම ඉතාම සමාජීය වශයෙන් වැදගත් දෙයක් බව.

ඒ වගේම අපිට අන්නොන්‍ය අවබෝදයෙන් කටයුතු කළ යුතු බවට එකගතාවයක් අති වුනා. ඉතින් අපි මූලික වශයෙන් ප්‍රකාශ කළේ මේ අරගලය අපි ඉදිරිපත් කරල තියෙන ඉල්ලීම්, විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට සීමා වෙලා තියෙන සීමිත ඉල්ලීම් නොවෙයි, විශේෂයෙන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යපානය සම්බන්ධයෙන් මතුවෙලා තියෙන පුළුල් ගැටළුව වැටුප් ප්‍රශ්නෙට අමතරව මතුකරල තියෙන දේවල්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අරගලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ක්ෂේත්‍රයෙන් එහාට යම් කිසි පුළුල් ජන අරගලයක් බවට පත්කිරීමට.

ඉතින් මේ සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වන බවක් අපට පෙනුනා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් අපට පුළුවන් ඉදිරියේදී පුළුල් අවබෝදයකින් කටයුතු කරන්න’’

මෙහිදී අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්විල් සිල්වා සහෝදරයා “අධ්‍යාපනය වෙනුවෙන් දල දේශීය නිශ්පාදිතයෙන් අවම වශයෙන් 6% වෙන් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අරගලය ඉතාම සාධාරණයි සහ ප්‍රගතිශීලී යි.

රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර දක්වනවා වෙනුවට ආණ්ඩුව ආචාර්ය වරුන්ට තර්ජන කරමින්, නිග්‍රහ කරමින් ඔවුන් ඉල්ලීම් නොසලකා හරිමින් සිටිනවා. ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් අරගලයක් පමණක් නොවේ. එයින් ඉදිරියට ගිය, රටේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් කරන අරගලයක්.

දකුණු ආසියාවේ රටවල් අතර අධ්‍යාපනය වෙනුවෙන් අඩුවෙන්ම වියදම් කරන රට ශ්‍රී ලංකාව. ඉතියෝපියාව කෙන්යාව පවා ලංකාවට වඩා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා. 2005 සිට ගතවූ වසර 6 තුළ රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපන වියදම් 50% කින් කප්පාදු කර තිබෙනවා. ආඩම්බරකාර තාත්තා අධ්‍යාපනයේ කඩාකප්පල්කාරී තාත්තා බවට පත්වෙලා.

මෙම අරගලය ජයග්‍රහණය කිරීම සඳහා පොදු ජනතාව ඒකාබද්ධ කර ගත් වැඩපිළිවෙලකට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා’’

මාධ්‍ය ඒකකය

ජනතා විමුක්ති පෙරමුණ - 2012- 08- 08

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 09 වෙනි බ්‍රහස්පතින්දා, 09:51