Lanka News Web

රනිල් - රෝසි යළි එක්වෙයි.

Share

සජිත් ප්‍රේමදාස කණ්ඩායමේ ක්‍රියාකාරිණියකව සිටි එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය මේ වන විට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග යළි සුපුරුදු පරිදි දේශපාලන කටයුතුවල යෙදී සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ලබන 16 වන දා කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන “අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරයේ’’ විශේෂ සමුළුවේ දේශනය පවත්වන ලෙස එජාප නායකයා ඇයට ආරාධනා කර ඇත. එසේම රෝසි සේනානායක මහත්මිය යළි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට බඳවා ගැනීමට නියමිත බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයට ගල් ගැසූ පිරිස හැර සජිත් පිලේ අනෙකුත් ක්‍රියාකාරීන් යළි පක්ෂයේ කටයුතු සඳහා දායක කර ගැනීමට එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද මේ වන විට බලවත් වෙහෙසක් දරමින් සිටින අතර ඒ වෙනුවෙන් මේ වන විට රහසිගත සාකච්ඡා වට කිහිපයක් අදාල පාර්ශවය සමග පවත්වා ඇති බව ද වාර්තා වේ.

Share

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 08 වෙනි බදාදා, 12:54