| Share |
කෝට්ටේ ආසනයේ ශ්‍රීලනිප සංවිධායකයා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බවත් වර්ථමානයේ එහි සංවිධායකවරයාව සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට තානාපති ධූරයක් ලබා දීමට නියමිත බවත් මෙම සති අන්තයේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පල කරන්නැයි ජනාධිපතිවරයා ඊයේ (05) ප්‍රධාන ජාතික පුවත්පතක කතුවරයෙකුට දැනුම් දී තිබේ.
කෝට්ටේ ආසනයේ සංවිධායක ධූරය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව ජනාධිපති එම කතුවරයාට ප්‍රකාශ කර තිබේ. කෝට්ටේ එජාප සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා එම ආසනය තුළ දවසින් දවස සංවිධාන කටයුතු ශක්තිමත් කරමින් සිටින බවත් එයට මුහුණ දීමට බෝගොල්ලාගම මහතාට ශක්තියක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා සහ උප නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතා එම ආසනයේ සංවිධායක ධූරය ඉල්ලා ඇතත් අතිශයින් වැදගත් වූ එම ආසනයේ සංවිධායක ධූරයට ඔවුන් ප්‍රමාණවත් නොවන බව සහන් කර ඇති ජනාධිපතිවරයා පසුගිය කාලයේ කෝට්ටේ ආසනයේ හා පාර්ලිමේන්තුව අවට සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ උනන්දුවකින් ක්‍රියා කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
එම දුරකතන සංවාදයෙන් පසු එම පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු අමතා ඇති කතුවරයා මීලග කැබිනට් සංශෝදනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති වීම අනිවර්යයෙන්ම සිදුවිය හැකි බව සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය මාස කීපයේ කෝට්ටේ ආසනයේ හා පාර්ලිමේන්තුව අවට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා එහි ආසන සංවිධායක බෝගොල්ලාගම මහතාව සහභාගි කරවාගෙන නොතිබිණ. මෑතක දී පාර්ලිමේන්තුව අසළ ඉදි කරනු ලැබූ මද වේග ධාවන පථයක් (Jogging track) විවෘත කරනවා යැයි ලද ආරංචිය මත බෝගොල්ලාගම මහතා එම ස්ථානයට පැමිණ ඇතත් ඔහුට ඒ සඳහා නිල ආරාධනාවක් හෝ ලැබී නැත.
රෝහිත බෝගොල්ලාගම මහතා යළි එජාපයට එක් වීමට සූදානමින් සිටින බවත් ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යළි දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් බවට මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර යමින් පවතී. බෝගොල්ලාගම මහතාගේ උපන් දිනය අදට (අගෝස්තු 06) යෙදී ඇති අතර ඔහු ඒ වෙනුවෙන් නිකරවැරටිය ආසනයේ විශාල ආගමික උත්සවයක් සංවිධානය කර ඇත.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












